TNA පක්ෂයේ නායකයින් සහ ඩලස් අලහප්පෙරුම අද රාත්‍රියේ පැවති සාකච්චා සාර්ථකව එකඟතාවයකින් යුක්තව අවසන් වී තිබෙනවා. කිසිදු අපේක්ෂකයෙක්ට ඡන්දය ලබා නොදීමේ තීරණයක ආරම්භයේ සිටි TNA පක්ෂ නායකයින් හමුවීමට ඩලස් අලහප්පෙරුම සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඇතුලු නියෝජිතයින් අද රාත්‍රියේ පැවති සාකච්චාවට සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් මූලික ඉල්ලීම් හතරක් ඉදිරිපත් කර ඇත.
උතුරේ හමුදා කදවුරු ඉවත් කර ගැනීම
ෆෙඩරල් ලබා දීම
එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කිරීම
බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම නැවත්වීම
යන කොන්දේසි වලට එකඟතාවය බලාපොරොත්තු වූ දෙමළ ජාතික සංධානය වෙත අදාල ඉල්ලීම් වලට කැමැත්ත පලකිරීමට ඩලස් අලහප්පෙරුම ජනපති අපේක්ෂකයා එකඟ වී තිබෙනවා.
දැඩි ජාතිවාදී අදහස් දරන එකමුතුවක සහය ලබන සහ පුද්ගලිකවම දැඩි ජාතිවාදී අදහස් වලින් යුත් ඩලස් අලහප්පෙරුම ජනාධිපති අපේක්ෂකයා විසින් කිසිදු පැකිලීමකින් තොරව එකඟත්වය ලබාදීම සම්බන්ධයෙන් දෙමළජාතික සන්ධානයේ නායකයින්ද මවිත වී ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කලා.