පසුගිය 10 වන දා චීන-ඇමරිකානු ආරක්ෂක අමාත්‍යවරුන් අතර සිංගප්පූරුවේ දී (the Shangri-La Dialogue summit) පැවති සාකච්ඡාවල අන්තර්ගතය ,චීන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක Wu Qian මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම සාකච්ඡාවේදී චීන තායිවාන ගැටලුව සම්බන්ධයෙන් චීනයේ දැඩි ස්ථාවරය අවධාරණය කළ චීන ආරක්ෂක අමාත්‍යවරයා ,තායිවානය, චීන භූමියෙන් වෙන් කළ නොහැකි වැදගත් කොටසක් බව පෙන්වා දෙනු ලැබ තිබේ.
ඇමරිකාව විසින් මෑතක දී තායිවානයට ආයුධ අලෙවි කර ඇති බවත් ,ඒ තුළින් ‘එකම චීනය ‘ යන සිය මූලධර්මය බරපතල ලෙස උල්ලංඝණය වන බවත් ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම ඇමරිකානු ක්‍රියාමාර්ග හේතුවෙන් චීනයේ ස්වෛරීත්වයට සහ ජාතික ආරක්ෂාවට බරපතල හානි සිදු වන බව චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් Wei Fenghe මහතා එම සාකච්ඡාවේ දී සදහන් කර ඇත.
Wei Fenghe මහතා පෙන්වා දෙන්නේ ,දකුණු චීන මුහුද සම්බන්ධයෙන් වන ගැටලුව කලාපයේ රටවලට විසඳා ගැනීමට හැකියාව ඇති බවත් එහි දී දකුණු චීන මුහුදේ ස්ථාවරත්වය සඳහා ඇමරිකාවේ ප්‍රායෝගික මෙහෙයුම් හිතකර ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් අවධාරණය කර තිබේ.
කලාපීය ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කිරීම වඩා වැදගත් බව චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.