ආර්ථික පීඩනය දරාගත නො හැකි ව හැට හැවිරිදි පියකු ගෙල සිරකරගෙන මිය ගොස් තිබෙනවා. ගල්ගමුව – වලස්වැව පදිංචි ව සිටි පුද්ගලයකු යි මෙලෙස මරණයට පත් වී ඇත්තේ. මොහු තම බිරිඳ සමඟ කුඩා පැල්පතක ජීවත් වී ඇති අතර, රැකියාව ලෙස හේන් ගොවිතැන හා කුලී වැඩ සිදු කරමින් හිඳ තිබෙනවා.මිය ගිය පුද්ගලයා පුහුල් වගාවක් සිදු කරගෙන ගොස් තිබී ඇති අතර, තෙල් පොහොර නො මැති වීම නිසා එය ද අසාර්ථක වී තිබෙනවා.
වත්මන් අර්බුද තත්ත්ව හමුවේ අහාර පාන පවා නිසි පරිදි සපයාගැනීමට නො හැකි වීම නිසා, මොවුන් කලක පටන් ජීවත් වී ඇත්තේ, අතිශය අසීරු තත්ත්වයක යි.
මෙම පියා පසුගිය 29 වැනි දා උදෑසන නිවසින් පිට ව ගිය බවත් සවස් වන තුරු ම ඔහු නිවසට නො ආ බවත් පවසන ඔහුගේ බිරිඳ පවසන්නේ, තමන් ඒ බව මිනිබිරියට දන්වා සිටි බව යි. ”අත්තාට උදේට කන්නත් නෑ. දවල්ට කන්නත් නෑ. මම සල්ලි ටිකක් හොයාගෙන පිටි 25ක් ගෙනාවා රොටියක් පුච්චලා දෙන්න. හේනට ගිහිං අත්තට එන්න කියන්න” යැ යි ඇය මිනිබිරියට පවසා තිබෙනවා.
මිනිබිරිය හේනට ගොස් විපරම් කිරීමේ දී මිය ගිය පුද්ගලයාගේ එල්ලී මිය ගිය නිසල සිරුර ගසක තිබෙද්දී හමු වී ඇති බව යි වාර්තා වන්නේ.