රත්මලාන සිට යාපනය (පලාලි) දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් පසුගිය ජුලි 01 වෙනිදා සිට ආරම්භ වූ බව රත්මලාන ගුවන් තොටුපල කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පවසයි.
පියාසැරි කාලය පැය එකයි විනාඩි දහයක් පමණ වේ.
මෙම සේවාව සපයන Fitz Aviation / David Peiris Aviation පෞද්ගලික සමාගම් දෙක සෙනසුරාදා, ඉරිදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
එක් මාර්ගයක ටිකට් පතක් රු. 22,000 ක් වන අතර ආපසු ගමනක් රු. 41,500 කි. මගියෙකුට කිලෝග්‍රෑම් 7ක ගමන් මලු රැගෙන යාමට අවසර ඇත.