රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ විසඳුම කුමක්ද යන්න ගැන කවුරුවත් දන්නෙ නැත , අනුමාන සහ තමන්ට වාසිදායක උත්තර පමණක් ඉදිරිපත්ව තිබේ. එහෙත් ඒ දේශපාලන අර්බුදයට දිය හැකි උත්තරයන්ය. තවමත් ආර්ථික අර්බුදයට අනුමාන පිලිතුරක් හෝ විපක්ෂ පක්ෂ කිසිවකින් ලැබී නැත. තවම මේ ප්‍රශ්නය කුමක්ද යන්න හෝ තේරුම් ගැනීමක් කර ඇති බවක් හෝ පෙන්වා නැත. අපි ආවොත් හරි, එන එකා හරි ආර්ථික අර්බුදය විසඳිය යුතුය කියනවා හැර මෙතෙක් විපක්ෂ පක්ෂ වලින් විසඳුම් යෝජනාවලි වල වෙන උත්තර තිබුණේ නැත.
එහෙත් පසුගිය මාස ගනනාවක් තිස්සෙ ආර්ථික අර්බූදයට උත්තරය මෙය යැයි අනුමානයන් වශයෙන් කුමක් හෝ පවසා සිටි අය අතරින් රනිල් වික්‍රමසිංහ ඉදිරියෙන් සිටී. ඒ මඟම යමින් හර්ෂ ද සිල්වා ද බොහෝ දෑ ප්‍රකාශ කර තිබේ. මේ දෙදෙනාමත් විපක්ෂය නීයෝජනය කළද රට වැටී තිබෙන තත්වයන්ගෙන් ගොඩගැනීම සඳහා ගෝඨාභය පාලනය සඳහා යම් යම් උපදේසයන් සහ සහයෝගයන් ලබා දිමද සිදු කර තිබෙන බව ඔවුන්ගේම ප්‍රකාශ වලින් පැහැදිලිව තිබේ. මේ වන විට රජය ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග බොහොමයක් ඒ අනුව ක්‍රියාත්මක වීමද දකින්නට ලැබේ.
මේ අනුව ආර්ථික අර්බුදයන් සඳහා විසඳුම් සෙවීමේ ප්‍රයත්නයේදී රටේ දේශපාලන නායකත්වය වෙනුවෙන් වන වගකීම් සහගත පුද්ගල නියෝජනය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ, හර්ෂ ඩි සිල්වා සුදුසුකම් සපුරා තිබේ. ඒ් අතරිනුත් රනිල් වික්‍රමසිංහ වඩා ජේෂ්ඨ සහ ජාත්‍යන්තර සම්බන්ධතා ගනනාවක් හිමි අයෙකි. එසේම ආර්ථික අර්බූද අවස්ථාවලදී වඩාත් ප්‍රායෝගික විසඳුම් සොයා ගනිමින් රට අර්බුදයන් කරා නොයවා දේවල් බේරා ගැනීමේ හසල හැකියාවක් ඔහු සතුව ඇති බව අතීත භාවිතාවන්වලදී පෙන්වා දී තිබේ.
මේ අනුව මේ වන විටත් ජනාධිපතිවරයා සහ විපක්ෂ කොටස් අතර පවතින සාකච්ඡාවන් හී ප්‍රතිපලය ලෙස රනිල් වික්‍රමසිංහ නැවත මේ රටේ අගමැතිධුරයට පත් වීමේ සම්භාවිතාව ඉතාම ඉහළය. මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 120 කට වැඩි ප්‍රමාණයක් රනිල් අගමැති වශයෙන් පිළිගැනීමට හැකි බව පවසා ඇතැයිද දැන ගැනීමට තිබේ.