එකතු වෙනවද කකුලෙන් අදිනවාද කියා විපක්ෂය දැන් තීරණය කළ යුතුයි.

එකතු වෙනවද කකුලෙන් අදිනවාද කියා විපක්ෂය දැන් තීරණය කළ යුතුයි.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් තිබෙන බරපතල අසීරුතාවය ගැන අද අගමැති රනිල් වික්ර්මසිංහ ඇත්ත නොසඟවා ප්ර්කාශ කරනු ලැබීය. ඔහු ඉදිරිපත් කරන ලද තොරතුරු ප්ර්මාණය මත රටේ අනාගතය අතිශය භයංකර තත්වයකට පත්වීමට නියමිත බව අමුතුවෙන් කිව යුතු නැත. දැන් රට හමුවේ ඇත්තේ මේ භයංකර සීමාව ඉක්මවා නොයන්න වැඩකටයුතු කිරීම ගැන වගවීමකි. මේ වගවීම පාලකයාත් පාලිතයාත් සාමුහිකව බාර ගත යුතුව තිබේ.

මේ අර්බුදකාරි තැනට රට තල්ලු කිරීම ගැන පාලකයාත් පාලිතයාත් එක හා සමානව වගකිව යුතු තත්වයකි. එසේ කියන්නෙ නිවැරදි පාලකයන් තෝරා ගැනීමට අසමත් වීම පාලිතයාගේ අඩුපාඩුවක් නිසාය. හැමදාමත් වැරදි ප්‍රතිපත්ති, වැරදි වැඩ පිළිවෙලවල්, වැරදි පුද්ගලයන් හට බලය ලබාදීම සිදු කරනු ලැබුවේ පාලිතයා නැතිනම් ඔබ අපි සියලු දෙනාය.

පාලකයාට අවශ්‍ය පරිදි ඕනෑම තීන්දුවක් තීරණයක් ගෙන හිතුවක්කාරී පාලනයක් කරගෙන යන්න ඉඩ හැරීම, අද මේ සමස්ත රටම මුහුණ දෙන අර්බුදයයන්ට එක් බරපතල හේතුවකි.

කොහොම නමුත් මේ වන විට ජනතාව හුන් තැනින් නැගිට රට වෙනුවෙන් කතා කරන්න පටන් ගැනීම නැතිනම් අරගලයක යෙදිමේ ප්‍රතිපලය ලෙස කාගෙ කාගෙත් ඇස් ඇරී ඇත. නමුත් දැන් ප්‍රමාදය. මහා ව්‍යවසනකාරිත්වයක් අත ළඟටම ඇවිත් තිබේ. ඊට මුහුණ දිය යුතුව තිබේ.

මේ තත්වයෙන් රට බේරා ගැනිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පැවැති ආණ්ඩුව අසමත් වීම තුළ රටේ ඇතිවූ දේශපාලන අර්බුදය අද මේ මොහොත වන විට හම් පමණකට සමනය කර ගත හැකි තත්වයකට පත් වෙමින් තිබේ.

එහෙත් එය තීරණය වන්නෙ හෙට 17 වන දින පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් පසුව නව අගමැති රනිල් වික්ර්මසිංහට මන්ත්‍රීවරු ලබා දෙන සහයෝගය මතය.අර්බුදය හමුවේ වෙන කර කියා ගන්න දෙයක් නැති වුණු ජනාධිපතිවරයා රටේ වගකීම බාර ගෙන මෙම අර්බුද විසඳා ලීමේ අභියොගය බාර ගන්නා ලෙස සියලු විපක්ෂ කණ්ඩායම් වලට විවෘත ආරාධනාවක් කළ නමුදු ඒ බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් වූයෙත් නැත. අවසානයේදී එය බාර ගැනීමට සිදු වූයේ පාර්ලිමේන්තුවෙ එක් අසුනක් පමණක් හිමි එජාපයටය. ඒ් වෙනුවෙන් එජාප නායක රනිල් වික්ර්මසිංහගෙ ඉදිරිපත් වීම ඉතිහාස ගත වන සිදුවීමක් ලෙස සැලකිය යුතුය. ඔහු මේ වන විටත් තමන්ගේ ඇති සූදානම ප්‍රකාශයට පත්කර තිබේ.

එහෙත් අද මේ මොහොත දක්වාම ඔහුගේ සහයට ඉදිරිපත් වන්නෙ කවුද යන්න නිශ්චිත නැත. ඒ තබා ඇතැම් විපක්ෂ දේශපාලන පක්ෂ අගමැති තනතුර වික්‍රමසිංහ මහතාට ලබා දීම ගැනත් විරෝධය ප්‍රකාශ කරමින් තිබේ. එසේම මේ අර්බුදකාරී මොහොතේ රටේ වගකීම බාර ගැනීමට තිබෙන නොහැකියාව, අසමත්කම, බැරිකම ප්‍රදර්ශනය කරමින් අපි පැත්තක සිට සහය දෙන්නම්, වගකීම් බාර ගන්න බැරි බවත් විපක්ෂයෙ ඇතමුන් කියමින් තිබේ.

මෙහෙව් දේශපාලන පක්ෂ කුමකටද කියා අසන්නට වන්නේ, ජනතාව මුහුණ දීමට නියමිත අනතුර හමුවේත් මෙරටේ ජනතාව වෙනුවෙන් දේශපාලනය කරනවාය කියන දේශපාලන පක්ෂය එය මඟ හරිමින් සිටීම නිසාය.

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියා පැරණි කියමනක තිබෙන්නෙ මේ වගේ වෙලාවට පාවිච්චි කරන්නය. අද ජනතාව වෙනුවෙන් වගකීම බාරගන්න බැරි විපක්ෂය හෙටත් එය ඉ‍ටු කරන්නෙ නැති බව අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත.

දේශපාලන පක්ෂ වලට ප්‍රතිපත්ති, මතවාද කොතෙකුත් තිබුණද අවසන් වශයෙන් සියලු දෙනාම කියන්නේ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් තමන් දේශපාලනය කරන බවය. මේ සුවිශේෂී මොහොත එළඹ ඇත්තෙ තමන්ගේ න්‍යාපත්‍ර අකුලාගෙන ජනතාව වෙනුවෙන් සාමුහිකව ඉදිරිපත් විය යුතු අවස්ථාවක් බව මේ දේශපාලන පක්ෂ නායකයන්ට අවබෝධ නොවන්නෙ ද? එය අතිශය කණගා‍ටුදායක තත්වයකි. මෙතුවක් කල් මේ අය කර ඇත්තෙද බොරුවක් රැවැටීමක් බව මිස වෙනකක් නොවන බව මින් නිශ්චය කළ නොහැකිද?.

ඉදිරියේදී මේ තක්කඩි දේශපාලන පක්ෂ සමඟ එහි නායකයන්, සාමාජිකයන් සමඟ දේශපාලනය කළ යුතුද? ඔවුන්ට ඡන්දයක් දිය යුතුද යන්න ගැන පොදු මහජනතාව නැවත කල්පනා කළ යුතුය.

පණ දෙන්නම් කියාගෙන හිටියාට තමන් සමඟ සිටින්නේ කවුද යන්න දැනගන්න වෙන්නේ තමන් අමාරුවේ වැ‍ටුණු පසුව බව අප අත්දැකීමෙන් දන්නා ඇත්තකි. අද රට සම්බන්ධයෙන් සමස්ත ජනතාව සම්බන්ධයෙනුත් කල්පනා කළ යුතුව ඇත්තෙ එහෙමය.

ජනතාවගේ වීරයෝ කවුද ? ජනතාවගේ ද්‍රොහියෝ කවුද ? යන්න හඳුනා ගත හැකිවීම මේ අර්බුදය මඟින් අවස්ථාව උදාකර දීම වළකට වැටුනත් ඒක මොළයට ලාබයක් කියන්නා සේ හොඳ තත්වයක් බවද කිව යුතුය.

  • editor

Leave a Reply

Your email address will not be published.