රඹුක්කන ජනතාව තෙල් බවුසරයට ගිණි තියන්න හැදුවේ ඇයි?

රඹුක්කන ජනතාව තෙල් බවුසරයට ගිණි තියන්න හැදුවේ ඇයි?

රඹුක්කන ගැටුමට ආසන්නතම හේතුව වී ඇත්තේ ඊයේ දිනයේදී රැගෙන විත් තිබුණු ඉන්ධන බවුසරය පිරවුම් හලට නිකුත් නොකර සඟවා තබා ,ඊයේ රාත්‍රියේ මිල ගන්නන් වැඩි වීමෙන් පසුව, අද එම ඉන්ධන අලෙවියට කටයුතු කිරීම නිසා බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි..

ඉන්ධන බවුසරය සැගවීමේ තතු ජනතාව දැනගැනීම නිසා පසුව ඊට විරෝධය දක්වා ඇත. පොලිසියේ මැදිහත් වීම සමඟ විරෝධය උත්සන්න වී ඇති අතර ජනතාව ඉන්ධන බවුසරය තමන්ගේ ග්‍රහණයට ලබාගෙන තිබේ. ඒම අවස්ථාවේ පොලිසිය කඳුළු ගෑස් යොදා තත්වය පාලනය කිරීමට උත්සහ ගත්තද පසුව ජීව උණ්ඩ වලින් වෙඩී තැබීම සිදුකර තිබේ

කෙසේ වෙතත් නිරායුධ ජනතාවට වෙඩි තැබිමට පොලිසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන්ද රජයට චෝදනා ඒල්ල වී තිබේ.

ආණ්ඩුවට එරෙහිව දිනගනනාවක් පුරා විරෝධතා දක්වන ජනතාව ප්‍රචන්ඩත්වයට ඇද දැමීමට ඇතැම් පිරිස් දින ගනනක් තිස්සේ මාන බලමින් සියි බවද රහසක් නොවේ. දිවයින පුරාම සිදු වන විරෝධතා උත්සන්න වීමත් සමගම ආණ්ඩුවට දරාගත නොහැකි පීඩනයක් එල්ල වීම හේතුවෙන් එම පිඩනය මර්දනය කිරීමට පොලිසිය මේ වන විට යොදා ගෙන තිබෙන බව පැහැදිලිය.

2015 ට පෙර රාජපක්ෂ පාලනය තුල දී මෙලෙසම රතු පස්වල පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසට වෙඩි තබා කිහිප දෙනෙකු ඝාතනය කරන ලදී. අද දින ද ඒලෙසම තවත් තරුණයකු රඹුක්කනදි ඝාතනයක් සිදුවීය.

මේ අතර රඹුක්කන ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published.