පසුගිය මැයි 09 වන දා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙමින් තිබු සාමකාමී උද්ඝෝෂණ වලට පරහර දීමෙන් පසුව රට පුරා ඇවිල ගිය විරෝධතාවයන් සහ ප්‍රචණ්ඩ සිදුවීම් මාලව එතැනි අවසන් විය යුතුව තිබුණත් මේ වන විට එය තවත් මුහුණුවරකින් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ රාජපක්ෂවාදී කොටස් විසින් අරගලකරුවන් සොය සොයා ඔවුන්ට එරෙහිව නීතිය මඟින් සහ අනීතික ක්‍රියා මාර්ග හරහා පළිගැනීමේ මෙහෙයුමක් පටන් ගෙන තිබීමය.
මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් මෙහෙයුම් ආරම්බ වී තිබුණද එය මැයි 09 වනදා අරගලයට පහර දුන් පිරිස මඟ හැර සෙසු පිරිස් දඩයමට පොලිසිය උත්සුක වී ඇත. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළාය කියමින් මේ වන විට අත් අඩංගුවට ගත් විශාල පිරිසක් කිසිදු ලෙසකින්වත් එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් නොවෙන බව දැන ගැනීමට තිබේ. සාමකාමීව තමන්ගේ නගරයෙහි උද්ගෝෂණ සංවිධානය කරමින් සිටි මෙම පිරිස් අත් අඩංගුවට ගෙන අභූත චෝදනා නගා රිමාන්ඩ් භාරයේ තැබීමත් අධිකරණය හමුවේ අභූත චෝදනා ගොනු කර බොරු සාක්ෂි කරුවන් යොදා අරගලයෙහි යෙදුනු සාමකාමී ජනතාවට දඩුවවම් කිරීමට සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවත් දැන් පැහැදිලිය.
පසුගිය 26 වනදා වීරකැටිය (රාජපක්ෂ) පොලිසිය මඟින් අත් අඩංගුවට ගත් වෑකන්දේ රාහුල හිමි කිසි ලෙසකින්වත් ප්‍රචණ්ඩ කටයුත්තකට සම්බන්ධ වුවෙක් නොවේ. ඒ ගැන එම ප්‍රදේශවාසි ජනතාව සාක්ෂි දරණවා ඇත. උන් වහන්සේ පවතින පාලන තන්ත්‍රයට එරෙහිව පොදු ජනතාව සමඟ සාමකාමී උද්ඝෝෂණයන් සංවිධානයට එකතුවූවෙක් පමණි. රාහුල හිමි වසර ගනනාවක් තිස්සේ රාජ්‍ය පාලකයන්ගේ අනුග්‍රහය මධ්‍යයේ සිදුවන දැවැන්ත පරිසර විනාශයට එරෙහිව අරගලයක නිරත වූ හිමි නමකි.
උන් වහන්සේ වීරකැටියේ කුඩාබිබුල දුෂ්කර ගම්මානයේ සිට රටක් අවධිකිරීමට තරම් පෞර්ෂයක් තිබුණ හිමි නමකි. කිසිදු දේශපාලන පක්ෂයක අතකොලුවක් හෝ රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයකු නොවූ නොවූ උන් වහන්සේ තමන්ගේ ජීවිතයම කැප කර සිටියේ මේ ස්වභාවික පරිසරය රැකගැනීම වෙනුවෙනි.
උන් වහන්සේ වත්මන් ජන අරගලයට සහය දෙන්නේ එය පීඩාවට පත් පොදු මහජනතාවගේ වුවමණාව මත කෙරෙන පොදු අරගලයක් වන නිසාත් වත්මන් පාලනය යටතේ පරිසරයට කෙරුණු සහ කරමින් තිබෙන විනාශය වලකාගැනීමේ තවත් පියවරකට සම්මදම් වීමක් වශයෙනි.
කුරා කුහුඹුවකුට තබා තණ කොළ ගහකටවත් අරියාදුවක් නොකරන උන් වහනේ වීරකැටියේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ බව පැවැසීමම ලොකු විහිළුවකි.
මේ වන විට පොලිසිය ක්‍රියාත්මක වන්නේ, තමන්ගේ ඇත්ත ස්වාමියා වූ රාජපක්ෂ වරුන් වෙනුවෙන් මේ රටේ පීඩිත ජනතාවගෙන් පළිගැනීමේ චේතනාවෙන් කරන මෙහෙයුමක බව පැහැදිලිය.
වාර්තා වන ලෙස මේ වන විටත් මෙලෙස පොලිසිය මඟින් චූදිතයන් ලෙස නම් කරන ලද පුද්ගලයන්ගේ නිවෙස් වලට සහ පවුලේ සමීපතමයන්ට රාජපක්ෂ වාදී මැරයන් තර්ජනය කිරීම් සහ පහර දීම් සිදුව තිබේ. බොහෝ විටම පොලිසිය චූදිතයන් ලෙස නම් කරන පිරිස් අධිකරණය මඟින් ඇප ලබා පැමිණීමෙන් පසුව ද ඔවුන්ගේ ජීවිත වලට පවා අනතුරක් වීමේ විශාල ඉඩ කඩක් පවතී.
මන්ද මේ රාජපක්ෂවාදීන් යනු විරුද්ධවාදියා මරළා වුණත් බලය ලබා ගත යුතුය කියන තියරියෙන් කටයුතු කරන ගෝත්‍රක ම්ලේච්ඡකම ජීවිතය කොටගත් පිරිසක් වීමය. ගාලු මුවදොර ප්‍රහාරයෙන්ද ඒ් බව ඔවුන් ඔප්පු කර තිබිණි. කොහොම නමුත් මේ වන විටත් හම්බන්තොට ප්‍රදේශයේ භීෂණකාරී තත්වයක් ඇතිවෙමින් තිබෙන බව දැන ගැනීමටත් ඇත.
මේ තත්වයන් මෙලෙස දිගින් දිගටම පැවැතුනහොත් ගම් වැසියෝ දෙපිළ බෙදී ගහමරා ගන්නා තත්වයට පත් විය හැකිය.පොලීසිය කටයුතු කරන වගකීම් විරහිත තත්වයන් මෙයට තවත් රුකුලක් වනවාට සැක නැත.
අගමති රනිල් විකුමසිංහ අරගලකරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව පැවැසූවත් ඒ් වෙනුවෙන් හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධනට යම් වගකීම් පැවැරූවත් සිදු වෙමින් පවතින්නේ ප්‍රචණ්ඩත්වයේ නාමයෙන් සාමකාමී අරගලකරුවන් මර්දනය කිරීමකි. මේ වහා වෙනස් විය යුතුය.
විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ රාජපක්ෂ ගැති බාවය සහ එම දේශපාලනික බලපෑම් නිසා ජනතාවට සිදුවන අසාධාරණය, අයුක්ති සහගත ක්‍රියාමාර්ග වෙනස් කිරීමට රජය මැදිහත් නොවුණහොත් ජනතාව යුක්තිය සාධාරණය වෙනුවෙන් යළි නීතිය අතට ගැනීමට දෙවරක් කල්පනා කරන්නේ නැත.ඒ කෙළවර වෙනු ඇත්තේ කාට කාටත් විනාශයන් අත්කර දෙමින්ය.
ඒ් නිසා රට අද මුහුණ දී තිබෙන ආර්ථික හා දේශපාලනික අර්බුදයන්ගෙන් මිදීමට සහ ජනතාව මුහුණ දෙමින් තිබෙන බරපතල පීඩාවන්ගෙන් ඔවුන් මුදවාලීමටත් රජයට අවංක වුවමණාවක් තිබේනම් මේ දියත් කර තිබෙන මර්දනකාරිත්වය වහාම අත්හළ යුතුය.