වීරකැටිය පොලිසිය විසින් අද සවස වෑකඳවල රාහුල හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් දීර්ග කාලයක් මුළුල්ලේ අරගලයක යෙදී සිටි උන් වහන්සේ වත්මන් අර්බුදය හමුවේ ගාළු මුවදොර ජනතා අරගලයේද සක්‍රීය සාමාජිකයකු විය. එහිදී රාජ්‍ය පාලකයන්ගෙන් පරිසරය රැකගැනීම කේන්ද්‍ර කරගෙන එම ජන අරගලයට දායක විය.
පරිසර හා සොබාදහම් අධ්‍යනය මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිකයෙක්ද වන උන් වහන්සේ එම ආයතනය විසින් පවත්වාගෙන යන සොබාදහම් අධ්‍යනය පාසැලේ ආචාර්ය වරයකු ලෙසද කටයුතු කළේය.
හම්බන්තොට වීරකැටියේ ජන අරගලය සංවිධානයටත් මූලිකත්වය ගෙන කටයුතු කළේ උන්වහන්සේ ය.