“චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව” යනු “චීන – පාකිස්ථාන සබඳතාවන්හී වැදගත් නියමු ව්‍යාපෘතියක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලිජියන් මහතා අද (01) ප්‍රකාශ කළේය.
චීන – පකිස්ථාන සබඳතා සහ “චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව” ඉදිකිරීම පිළිබඳ වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව, “ඒක් තීරයක් – ඒක් මාවතක්” වැඩපිළිවෙලේ ප්‍රථම ව්‍යාපෘතිය වන බවය.
එය ආරම්භ කිරීමේ සිට, පාකිස්තානයේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම ඵලදායී ලෙස ප්‍රවර්ධනය කර ඇති බවත් ධනාත්මක ආර්ථික හා සාමාජීය බලපෑම් ද ඇති කර තිබෙන බවත් හෙතෙම පැවැසීය.
පාකිස්ථානයේ ආයෝජනය කිරීමට සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, ජයග්‍රාහී ප්‍රතිඵල මෙන්ම පොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට චීන රජය, චීන ව්‍යවසායන්ට අඛණ්ඩව සහාය දෙන බව චාඕ ලිජියන් මහතා මෙහිදී අවධාරණය කළේය.