‘එකම චීනය’ ප්‍රතිපත්තිය අඛණ්ඩ ව අනුගමනය කරමින් ඕනෑ ම තත්ත්වයකදී චීනයේ විශ්වසනීය හවුල්කරුවෙකු හා මිත්‍රයෙකු වීම තම අපේක්ෂාව බව කසක්ස්ථාන ජනාධිපතිවරයා පවසයි.
ද්විපාර්ශ්වීය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 30වැනි සංවත්සරය නිමිත්තෙන් චීනය හා කසක්ස්ථානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා අතර හමුවක් කසක්ස්ථානයේ Nur Sultan නුවර දී ඊයේ (14) පැවැත්විණ. හමුවෙන් පසු දෙපාර්ශ්වය එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත. පාරම්පරික මිත්‍රත්වයක්, ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසයක් සහ පොදු ඉරණමක් සහිත පොදු ඉලක්ක හා අපේක්ෂා උදෙසා දෙපාර්ශ්වය සහයෝගයෙන් උත්සාහ දරන බව එහිදී ප්‍රකාශ කෙරිණ.
චීනය හා කසක්ස්ථානය ශැංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික පද්ධති තුළ සහයෝගය ශක්තිමත් කළ යුතු බව හමුවේදී චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.