වර්ජනය අවසන්. ඇමැති පජාතවේ.

වර්ජනය අවසන්. ඇමැති පජාතවේ.

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත් වී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති කසුන් සඳනායක මහතා සඳහන් කළේ, අද (මැයි 2) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ය.

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව ඔවුන් අප්‍රේල් 30 වන දා වර්ජනයක් ආරම්භ කර තිබිණි.

ඉන්ධන ප්‍රවාහන ගාස්තු 30% වැඩි කිරීමට බලධාරීන් එකඟ වීම ත් සමග වර්ජනය අත්හිටවූ බව සභාපතිවරයා වැඩිදුරට ත් පැවසීය.

බලශක්ති ඇමැති කාංචන විජේසේකර මෙම වර්ජකයගේ ඉල්ලීම් ලබා නොදෙන බවත් හමුදාවේ සහ පෞද්ගලික අංශයේ බවුසර් යොදා ගනිමින් ඉන්ධන ප්‍රවාහන කටයුතු නිසි පරිදි කරන බවත් එසේම වර්ජකයන්ගේ ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරන බවත් මීට පෙර පවසා තිබිණි.

එහෙත් වර්ජනය සාර්ථකව කෙරුණු අතර රට පුරා විශාල ඉන්ධන හිඟයකද ඇති විය. ඒ අනුව අද දිනයේදී පැවැති සාකච්ඡා වලින් අනතුරුව වර්ජකයන්ගේ ඉල්ලීම් ලබා දීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published.