නව පොලිස්පති තනතුරට තුන්දෙනෙක් අඟහරුවාදා එයි

නව පොලිස්පති තනතුරට තුන්දෙනෙක් අඟහරුවාදා එයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා එළැඹෙන අඟහරුවාදා ව්‍යවස්ථාදායක සභාවට නම් තුනක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්ථා වේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සේවා දිගු දෙකක් ලබා ගැනීමෙන් පසු පසුගිය සඳුදා සිය ධුර කාලය අවසන් වු අතර දැනට පවතින ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවට අනුව,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන, පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වයඹ) එල්.එස්.පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සබරගමුව) පී.පී.එස්.එම් ධර්මරත්න. යන අය ඉදිරියෙන්ම සිටින අතර බොහෝ විට ඒ අතරින් තිදෙනෙකු මේ සඳහා නම් කිරීම සිදු වෙනු ඇත. මේ අතර පොලිස්පති තනතුර සඳහා හේ වන විටත් ජේෂ්ඨ නිළධාරීන් අතර තරගයක් ඇතිවී තිබේ. ඇතැමුන් දැනටමත් සමාජමාධ්‍ය හරහා ප්‍රචාරක කටයුතුද ආරම්බ කර ඇත. කොස් නමුත් ඇතැම් නිළධාරීන් සම්බන්ධයෙන් ඇති චෝදනා සහ දේශපාලනික පක්ෂපාතිත්වයන් මත ඔවුන්ව නම් කිරීමත් ගැටළු සහගත වී ඇත. මේ තත්වයන් මත පොලිස් දෙපාර්තමේන්තුවේ නොවන රජයේ පරිපාලන නිලධාරීයකු පොලිස්පති තනතුර සඳහා නම් කිරීම ගැනත් කතාබහක් ඇතිව තිබේ.

කෙසේ නමුත් නව පොලිස්පතිවරයා නම් කිරීම මේ වන විටත් සතියක් පුරා ප්‍රමාද වීම නිසා අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙහෙයුම් සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම ඇතුළු පරිපාලන ගැටලු මතුව තිබේ.

Leave a Reply

Your email address will not be published.