සිසු දරුවන්ට ම්ලෙච්ඡ ලෙස පහර දෙන ගුරුවරු විදුහල්පතිවරු සම්බන්ධයෙන් මේ දිනවල සිදුවීම් කිහිපයකම වාර්තා වී තිබේ. නමුත් මේ අපරාධ හැමදාම සිදුවන සාමාන්‍ය තත්වයකි. වෙනසකට වූයේ වාර්ථා නොවීමය. දේශපාලන බලය, පොලිස් බලය, වෘත්තීය බලය පාවිච්චිකරමින් මේවා යට ගැසීම් නිරන්තරයෙන් සිදුවිය.
විවිධ මානසික රෝගබාධ වලින් පෙලෙන මේ ගුරු විදුහල්පතිවරු තවදුරටත් මෙම වෘත්තීන් වල තබා ගැන සිටීම පුදුම සහගතය. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබෙන පැමිණිලි වලදි පොලිසියත් එම වදක ගුරු විදුහල්පතිවරුන්ගෙ පැත්ත ගැනීම ඊට වඩා පුදුම සහගතය.
පසුගිය දා අප විසින් වාර්තා කරනු ලැබූ ‘ සිසුන් මරන් කන මාතර මහා විද්‍යාලයේ වදක ගුරු ඩබලක්‘ මැයෙන් වූ සිද්ධියට අදාලව මෙතෙක් එම සිසුවාට සාධාරණය ඉෂ්ඨ කිරීම සියලු පාර්ශ්ව විසින් මඟහැර තිබේ. බීමත් ගුරුවරයා, ඔහුට සහය දුන් ගුරුවරියත් විදුහල්පවරයාත් වෘත්තීය තත්වයන් අනුව එක් පාර්ශ්වයක් ගැනීම සිදු විය හැකි නමුත් සාධාරණය පතා පොලිසියට ගිය විට පොලිසියත් එම චූදිත පාර්ශ්වයේම පැත්ත ගෙන කටයුතු කිරීම මෙහිදී සිදුව තිබේ.
එසේම මේ සිදුවීම වාර්තා කිරීම නිසා උරණ වූ එම පාර්ශ්වය අප වෙබ් අඩවියට එරෙහිව උපරීම පියවර ගන්නා බවටත් සෙසු ගුරුන් ඉදිරියේ වහසි බස් දොඩා තිබෙන බවත් දැනගැනීමට ලැබිණි..
අප වර්තා කළ සිදුවීමට අදාල එම සිසුවාගේ පියා විසින් තවත් විඩියො පටයක් ද අප වෙත යොමුකර තිබේ. එය මේ සමඟ ඉදිරිපත් කරමු. රටේ අධ්‍යපනය. ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිසද තවමත් මේ ගුරු භීෂණය ගැන ක්‍රියාමාර්ග ගන්නා බවක්ද පෙනෙන්ට නැත. ගුරු වෘත්තීය සමිති වල නායකයන්ට ගුරුවරියන්ගේ සාරිය ගලවන්න තියෙන උනන්දුව මේ වදක ගුරුන් ගෙන් ළමයින් බේරා ගැනීම ගැන නම් නැත.