කුරුණෑගල මහ නගර සභාවේ පාලනය,පළාත් පාලන කොමසාරිස් යටතට පත් කරන ලෙස ඉල්ලා අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ උත්සාහයයක්. පොදු ජන පෙරමුණට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීවගේ නොමනා ක්‍රියා කලාපයන් සහ නගර සභාව තුළ කාලයක් පුරා සිදුවන වංචා දූෂණ අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් අනුගමනය නොකිරීම ගැන විශාල චෝදනා රාශියක් එල්ල වී තිබීම මෙයට හේතුවයි.
අධිකරණ නියෝගයක් මෙන්ම ආණ්ඩුකාර වරයාගේ අනුමැතිය ද ලබා ගැනීමට ස.ජ.බ.ය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ, ශ්‍රී ල නි පය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පොදු ජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත්, ජාතික ජන බලවේග වෙනුවෙන් නියෝජිතයෙක් මුලික වී කටයුතු සිදුකරමින් තිබේ. මෙහි නීතිමය කටයුතු සදහා සාලිය පිරිස් මහතා යටතේ ක්‍රියාත්මක නීති උපදේශක මණ්ඩලයක් සදහා ලබා දී ඇති බවත් දැන ගැනීමට තිබේ.
මෙම ක්‍රියාමාර්ගය ඉතා කඩිනමින් සිදුකිරීමට පියවරගෙන ඇත. පසුගිය කාලයේ කුරුණෑගල මහානගර සභාව තුළ වංචා දූෂණය වලට එරෙහිව මෙවැනි පක්ෂ සමූහයක් එකට එකතුව ක්‍රියාත්මකවීම ගැන අදහස් දක්වන දේශපාලන ක්‍රියාකාරීන් ජාතික දේශපාලනය තුළත් මෙවැනි තත්වයක් නිර්මාණය වන්නේ නම් එය වර්තමානයේ දී ජනතාව අපේක්ෂාකරන නූතන දේශපාලන භාවිතාවක් වන බවට අදහස් දක්වයි.
පසුගිය කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික් පා.මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු වැන්නන් නගරාධිපති තුෂාර සංජීව කුමන අකටයුත්තක යෙදුනද ඔහුව ආරක්ෂා කිරිමට පියවර ගෙන තිබිණි.