ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හරහා ගෝඨා කුමන්ත්‍රණයක ?

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හරහා ගෝඨා කුමන්ත්‍රණයක ?

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න මේ වන විටත් මෙම තනතුරේ හිදිමින් බලයෙන් පහකළ ගෝඨාභයගේ බළල් අතක් ලෙස කටයුතු කරමින් සිටින බවට තොරතුරු හෙළි වෙයි.

වැඩ බලන ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ යටතේ ආරක්ෂක අමාත්‍යංශය පවතී. එහි ලේකම් වරයා ලෙස කමල් ගුණරත්න තවමත් තබා ගෙන සිටින්නේ කවර අරමුණක් වෙනුවෙන් යන්න පැහැදිලි නැතත් කමල් ගුණරත්න මේ වන විට කටයුතු කරමින් සිටින ආකාරය සැකසහිතය.

පසුගිය දිනවල අරගල කරුවන්ට වෙඩි තබා මර්දනය කිරීමට යුද හමුදාවට අනවශ්‍ය බලපෑම් එල්ල කර ඇති බවද දැනගැනීමට ඇති අතර ඊට එරෙහි වූ යුද හමුදාවේ ඉහළ පුටුවල සිටින ඉතා දක්ෂ ලෙස තම රාජකාරිය ඉටුකළ කීර්තිමත් නිලධාරීන් එම තනතුරු වලින් පෙර දැනුම්දීමකින් තොරව තම හිතු මනාපෙට ඉවත් කිරීමටද කටයුතු කර ඇත.

ඉවත් කරන ලද ඉහළ තනතුරු දැරු නිලධාරීන් අතර ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන අධ්‍යක්ෂ ක්‍රියාන්විත, හමුදා ලේකම්, කොළඹ 142 බලසේනාධිපති මෙන්ම අණදෙන නිලධාරීවරුන්ද සිටිති.

හමුදා ඉතිහාසයේ මෙවැනි හදිසි ඉවත් කිරිම් කිසි දිනක සිදු කර නොමැත. එසේ සිදු නොකරන්නේ ඔවුන් විසින් ක්‍රියා කරනු ලබන විෂය පථය සහ වගකීම් ,රාජ්‍ය රහස් සහ බුද්ධි තොරතුරු පිළිබඳ යාවත්කාලීන වීමට හා වැඩ භාරගැනීමට නියමිත නිලධාරියා හට සාධාරණ කාලයක් ගත වෙන බැවිනි.

කමල් ගුණරත්න යුදහමුදාවෙ හිටපු ජෙනරාල්වරයෙකු වන බැවින් ඔහු මේ පිළිබඳව නොදන්නවා නොවේ.

මොහු ක්‍රියාත්මක වන්නේ සමස්ත ත්‍රිවිධ හමුදාවම අස්ථාවර කිරීම හරහා ශ්‍රී ලංකාව බියකරු විනාශ මුඛයක් කරා ගෙනගොස් ,ජනාධිපති ගෝඨාභය නොසිටීම නිසා රට අස්ථාවර වුණාය, ජාතික ආරක්ෂාව නැතිවුණාය යනාදී ව්‍යාජ මත ගොඩනගා ගෝඨාගේ අසමත් භාවය වසා දැමීමට ගන්නා උත්සාහයක් අනුව විය හැකිය.

මෙහි ආසන්නතම උදාහරණය වනුයේ 2022.7.13 දින අරගල කරුවන් විසින් කොළඹ මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය අසල උද්ඝෝෂණය යෙදෙන අවස්ථාවේ පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් කලහාකාරී වී සිටී අරගලකරුවන් වෙතට ගොස් ඔවුන් සන්සුන් කළ යුද හමුදාවේ ඉතා දක්ෂ නිලධාරියකු වන 142 බලසේනාධිපති බ්‍රිගේඩිය අනිල් සෝමවීර අරගල කරුවන්ට වෙඩි නොතිබීම හේතුවෙන් පසුදිනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු බලසේනාධිපති තනතුරෙන් ඉවත් කිරීමයි

ඒ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමේදී සහ එම වීඩියෝ දර්ශන නැරඹීමේ දී ඔහු කලහාකාරී අරගලකරුවන් මැදට ගොස් ඔවුන් හට සාමකාමීව උද්ඝෝෂණය යෙදෙන ලෙසට දැනුම් දීමේදී තිබෙන බව පැහැදිලිය. මෙහිදී අරගල කරුවන් විසින් තමන්ට වෙඩි නොතබන ලෙසටත් කඳුළු ගෑස් නොගහන ලෙසටත් කරන ලද ඉල්ලීම පිළිගෙන ඔවුන් හට එසේ නොකරන බවත් යම්කිසි විදියකින් රාජ්‍ය දේපලවලට හානි සිදුකළහොත් තමාට ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් ප්‍රකාශ කර තිබිණි. බ්‍රිගේඩියර් වරයා ලේ විලක් වීමට තිබූ මල් පාර තම ග්‍රහණයට ගෙන එම උද්ඝෝෂණය වෙඩි උණ්ඩයෙන් නොව වචනයෙන් මැඩ පවත්වා එංගලන්තය කැනඩාව ස්විට්සර්ලන්තය ඉන්දියාව මෙන්ම ලෝ පුරා මානව හිමිකම් සහ සිවිල් සංවිධාන වල පැසසුමට පත්වී ලෝකෙන්ම ශ්‍රී ලංකාව කොන් වීමට ගිය අවස්ථාවක් කණපිට හරවා ඒ තුළින් කීර්තියක් අත් කර දෙනු ලැබුවේය.

මෙම බ්‍රිගේඩියර් අනිල්ව වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කරනු ලැබුවේ අරගලකරුවන්ට වෙඩි තබා මර්දනය නොකළ බැවින් මිස වෙනත් හේතුවක් මත නොවන බව පැහැදිලිය.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ක්‍රියා කලාපය සමස්ත ත්‍රිවිධ හමුදාවේම විවේචනයට ලක් වී ඇති අතර ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැනි තුවක්කුවෙන් නොව බුද්ධියෙන් මැයි 09 සිදුවීමට ගිය විනාශය වළක්වා ගත් නිලධාරීන් හටද තම රාජකාරිය සිදුකිරීමට අපහසු තත්වයක් උදා වී ඇති බව පෙනී යන්නේය. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හමුදාපතිධුරය අහිමි වූයේද මෙම අභ්‍යන්තර ගැටුම් නිසා බව ද කියැවිණි.

ජනාධිපති යටතේ තිබෙන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් කමල් ගුණරත්න වහාම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී නම්බු පිට යායුතු කාලය එළඹී ඇත. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය, රටින් පිටමන් කළ ගෝඨාභයට අවශ්‍ය ලෙස මෙහෙයවීම නොවිය යුතුය.

වැඩ බලන ජනාධිපතිවරයා මේ ගැන කටයුතු නොකළහොත් හිතන්න වන්නේ මේ සිදුකරමින් සිටින්නේ රාජපක්ෂලාගේම කොන්ත්‍රාත්තුවක් බවය.

Leave a Reply

Your email address will not be published.