වමේ මහා පාවාදීමටකද අනුර සැරසෙන්නේ ? – ඇමරිකානු ඉහළ ඒ්ජන්තයෙකු සමඟ රහස් සාකච්ඡාවක් !

වමේ මහා පාවාදීමටකද අනුර සැරසෙන්නේ ? – ඇමරිකානු ඉහළ ඒ්ජන්තයෙකු සමඟ රහස් සාකච්ඡාවක් !

ජනතා විමුක්ති පෙරමුණ තම නිරුවත ප්‍රදර්ශනය කරමින් දක්ෂිණාංශික ගමනක යන බවට විටින් විට වාම දේශපාලන බලවේග පුන පුනා ප්‍රකාශ කොට සිටියද එය පිළිගැනීමට බොහෝ දේශපාලන වාමවාදී හිතුවාදීන් මැලිකමක් දැක්වීය. පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චංග් සමග හමුව කවර දේශපාලන පරිවර්තනයක් සදහා වූවක්ද බව ප්‍රකාශයක් නිකුත් කිරීමට මත්තෙන් එවැනිම ඇමරිකානු ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සමග සාකච්ඡාවක් සදහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ.

මෙය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් වන අතර එය සිදුවන ස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ විවාහ මංගලෝත්වයක් නතර කිරීම සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී මෙම කරුණු අනාවරණය විය.

එළඹෙන ඉරු දින විවාහ මංගලෝත්වයක් වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලය වෙන් කොට ගත් පිරිසට අදාළ වෙන් කිරීම ඉවත් කර ගන්නා ලෙස එහි පාලනාධිකාරීත්වය දැනුම් දී ඇති අතර එතෙක් ඔවුන්ට ඒ් වෙනුවෙන් වියදම් වූ සියලු වියදම් ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ගෙවීමට කටයුතු යොදා ඇත.

මෙවැනි ගෙවීමක් සිදුකොට ඇමරිකානු තානාපති කාර්යාලය අතිශය රහස් ලෙස පවත්වන සාච්ඡාව කවරෙකු සමගද යන්න පිළිබද තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වූයේ ලෝක දේශපාලනය හැසිරවීම සම්බන්ධයෙන් අතිශය බලපෑම් සහගත තීන්දු තීරණ ගැනීම සදහා පත් කළ ඇමරිකාවේ ඉහළම පෙලේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක වන හිටපු රාජ්‍ය ලේකම්වරියක හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති සමන්තා පවර් සමග මෙම සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සමග සිදුන බවයි.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී ද වන සමන්තා පවර් මහත්මිය ලබන 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීම නියමිතය.

මෙම සංචාරය අතරතුරදී ඇය ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල නායකයන් කිහිප දෙනෙකුද හමුවීමට නියමිතව තිබෙන නමුත්
මෙපමණ රැකවල් හා රහස් ලෙස සාකච්ඡා කිරීමට තරම් වන වාම දේශපාලනික නායකයෙකුට ඇති ඇමරිකානු ගණුදෙනුව කුමක්ද ? යන්න නැවත විමසා බැලිය යුතු කරුණක් වන අතර රාජ්‍ය තාන්ත්‍රික නිළයක් සමග තොරම්බල් වීම කවර දේශපාලනික ප්‍රතිඵලයක් අත්පත් වන්නේද ? යන්න බරපතල ගැටළුවකි.

ආසියානු දේශපාලනයේ ඇමරිකානු ගැති බවක් සදහා දැවැන්ත මෙහෙවරක් සිදුකරනු ලබන පවර් මහත්මිය අනුර දිසානායක සමග සිදුකරනු ලබන ඉරු දින මන්ත්‍රණය සම්බන්ධයෙන් ‌මේ රටේ වාමවාදී බලවේග මෙන්ම දක්ෂිණාංෂික දේශපාලනය පවා අවධානය යොමු කළ යුතු විශේෂ කරුණක් වේ.

‌මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හරිනි අමරසූරිය මෙම සහසම්බන්ධයන් ඇති කිරීම සදහා මූලික කටයුතු සම්පාදනය කරනු ලබන්නෙක් වන අතර ඇය ඇමරිකානු ඔක්පෑම් ආයතනය මගින් වරප්‍රසාද ලත් තැනැත්තියක් බව තොරුතුරු වාර්තාවේ . මේ අනුව මෙහි දිගුව සැකසෙන්නේ මේ සහසම්බන්ධයන් මත වන අතර අනුර – පවර්, වෝටර්ස් ඒජ් රහස් සාකච්ඡාව වාම බලවේග කුඩුපට්ටම් කිරීම දක්වා නොවන බවට තරම් සාක්ෂි ඉදිරිපත් නොවිය හැකි නොවේ.

Leave a Reply

Your email address will not be published.