ජන සභා පිහිටුවීම සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සකස් කළ වැඩපිළිවෙලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පසුගියදා හිමිව තිබේ.
මේ අනුව ගාළු මුවදොර අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ, සාමාන්‍ය ජනතාවගේ අදහස් සාකච්ඡා කොට ඒ්වා සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම සදහා වන ව්‍යුහයක් ගොඩ නැගීම ක්‍රියාත්මක වන ලකුණු පහළව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ගනනාවක්ම පසුගිය කාලසීමාවේදී සිදු කෙරිණි.මේ සඳහා සාධාර්ණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය මූලික කාර්යභාර්‍යයක් ඉටු කරන ලදී.
මෙහිදී ග්‍රාම සේවා වසම් දෙකක් කේන්ද්‍ර කරගෙන එක් ජනසභාව බැගින් පිහිටුවීමටත් එම සාමාජිකත්වයෝ යෝජනා සම්මතයෙන් ජාතික මට්ටමේ නියොජනයත් සහිත ජනසභා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත .
ජනසභා, තරුණ ප්‍රජාව, පූජ්‍ය පක්ෂය හා ගමෙහි ප්‍රධාන වගකිව යුතු පාර්ශ්වයන් එක් කොට ගෙන ගොඩ නැගෙන අතර එම ජනසභා දිස්ත්‍රික්ක මට්ටමින් සාකච්ඡා වන තවත් සංවිධාන ව්‍යුහයක් මගින් සෘජුව බලාධිකාරයන් වෙත සම්ප්‍රේෂණය වීම දක්වා වන ගලායාමක් සිදුවන ආකාරයකින් පිහිටු වනු ඇත.
ජනසභා ලේකම් කාර්යාලයෙහි ප්‍රධාන මූලස්ථානය පිහිටුවීම හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් හා ප්‍රවීන ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ මූලිකත්වයෙන් සිදුවේ.
මේ පිළිබදව කළ මූලික සාකච්ඡාව සදහා ජනාධිපතිවරයා සමග කරූ ජයසූරිය, වික්ටර් අයිවන්, රංජිත් කීර්ති තෙන්නකෝන්, වරුණ දීප්ත රාජපක්ෂ, නීතිඥ අකලංක හෙට්ටි ආරච්චි, සුජාතා ගමගේ හා සංජීව විමලගුණරත්න යන මහත්ම මහත්මීන් සහභාගී විය.
ජන සභාව පිහිටුවීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුර විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, වෘත්තිකයන්,සමාජ ක්‍රියාකාරීන්, ආගමික් නායකයින් ආදීන්ගෙන් කළ අදහස් වීමසීමෙන් පසුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සකස් කළ වැඩපිළිවෙල හී අවසන් වාර්තාව සකස් කර තිබේ.
ජන සභා පිහිටුවීම ගැන කතිකාව මීට වසර ගනනාවක්ට පෙර සිට මෙරට තුළ සාකච්ඡාවට ගැනුන නමුත් ඒ ක්‍රියාත්මක තලය දක්වා වර්ධනය කරගැනීමට අසමත් විය. කෙසේ නමුත් පසුගිය අරගල සමයේදී පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක් සම්බන්ධයෙන් නැගුණු තරුණ හඬ පදනම් කරගෙන නැවත වරක් මේ ජන සභ සංකල්පය ගැන සාකච්ඡාව ඉදිරියට ගැනිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අවස්ථා කිහිපයක දී මෙම ජන සභා පිහිටුවීවේ වැදගත්කම අවධාරණය කර තිබිණි. පසුගිය රාජාසන කතාවේදී ද ඔහු මේ ගැන සඳහන් කළේය.
ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ගනනාවක මෙම ජන සභා ආකෘතියෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ක්‍රියාත්මක වන අතර එමඟින් වඩාත් ජනතා හිතවාදී පාලනයක් පවත්වා ගැනීම සඳහා විශාල සහයක් ලබා දි තිබේ.
මෙම ජන සභා සඳහා නෛතිකමය පිළිගැනීමක්ද ලැබෙනු ඇත. ඒ අනුව රජය විසින් ගන්නා තීන්දු තීරණ වලදී මෙම ජනසභා ලේකම් කාර්යාලයේ මතය විමසීම සිදු කෙරෙණු ඇත.
මේ අනුව මෙම ජන සභා ක්‍රමය සෘජු ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක ස්වරූපය ගන්නා අතර පොදු ජනතාව ආණ්ඩුකරණයට වඩාත් සමීප කරවීමක් ද වෙනු ඇත.