‘එක් රටක් ක්‍රම දෙකක්’ ප්‍රතිපත්තියේ දැඩිව එල්බ සිටිමින් එය ක්‍රියාත්මක කරන්නේ නම් හොංකොං හී අනාගතය නියත වශයෙන්ම දීප්තිමත් වනු ඇතැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(30) හොංකොං හී දී පැවැසීය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(30) පස්වරුවේ විශේෂ දුම්රියකින් හොංකොං විශේෂ පරිපාලන කලාපයට පැමිණියේය. ඒ හෙට දින (01) හොංකොං ආපසු මව්රටට (චීනයට) එක්වීමේ 25 වැනි සංවත්සරය සැමරීමේ උත්සවය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6 වැනි රාජ්‍ය දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම වෙනුවෙනි.
ජනාධිපතිවරයා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ බටහිර කොව්ලූන් (Kowloon) අධිවේග දුම්රිය ස්ථානයට ළඟා වූ අවස්ථාවේදී දේශනයක් පවත්වමින් ‘එක් රටක් ක්‍රම දෙකක්’ ප්‍රතිපත්තියේ දැඩිව එල්බ සිටිමින් එය ක්‍රියාත්මක කරන්නේ නම් හොංකොං හී අනාගතය නියත වශයෙන්ම දීප්තිමත් වනු ඇතැයි පැවසීය.
එසේම ශක්තිමත්ව දැඩි උත්සාහයෙන් ඉදිරියට යාමෙන් දීප්තිමත් අනාගතය ළඟාවනු ඇති බව පැවැසූ චීන ජනාධිපතිවරයා තමා නිරතුරුවම හොංකොං කෙරෙහි සැලකිල්ල දක්වන බවත් හොංකොං ස්‍වදේශිකයක් තම හදවතේ රැඳී පවතින බවත් පැවසීය.
චීන ජනාධිපතිවරයා හොංකොංහි අවසන් වරට සංචාරය කළේ මීට වසර 5කට පෙරදී ය. ගෙවුනු වසර 5 පුරාවටම හොංකොං වෙත සිය අවධානය හා සැලකිල්ල යොමු කළ බවද චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
මෙම ඓතිහාසික අවස්ථාවේ හොංකොං ස්වදේශිකයන් වෙත ෂී ජින් පිං මහතා උණුසුම් සුබ පැතුම් එකතු කළේය. යළි වරක් හොංකොං වෙත පැමිණීම ගැන තමා සතුටු වන බවද කොව්ලූන් අධිවේග දුම්රිය ස්ථානයේ දී හෙතෙම පැවසීය.
ජූලි පළමු දා හොංකොං මවුරටට යළි එක්වීමේ 25 වන සැමරුම වෙනුවෙන් වන ප්‍රීතිදායී අවස්ථාවට රටේ සියළු ජන වර්ගවලට අයත් ජනතාව එක්වන බවද ඔහු ප්‍රකාශ කළේය .