මහ බැංකු අධිපතිගේ දැක්ම සුබ ලකුණක් –  හර්ෂ ද සිල්වා

මහ බැංකු අධිපතිගේ දැක්ම සුබ ලකුණක් – හර්ෂ ද සිල්වා

නව මහ බැංකු අධිපතිවරයාගේ දැක්ම වඩාත් නිවැරදි එකක් වීම සුබ ලකුණක් යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

රුපියල බේරා ගැනීමට නම් අලුත් මහ බැංකු අධිපතිවරයා විසින් මුලින්ම කළ යුත්තේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි කිරීම යැයි තමන් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළ බව කියා සිටින ඒ මහතා තමන් එසේ ප්‍රකාශ කළේ ආර්ථික විද්‍යාත්මකව මේ අර්බුදය කළමනාකරණය කළ යුත්තේ කෙසේදැයි තාක්ෂණිකව අදහස් දක්වමින් යැයිද කීවේය.

තමන් කළ කතාවෙන් පැය කිහිපයකට පසුව අලුත් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය විසින් තැන්පතු පොලී අනුපාතය 13.5%ක් දක්වාත් ණය දෙන පොලී අනුපාතය 14.5%ක් දක්වාත් වැඩි කර තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයාගේ දැක්ම වඩාත් නිවැරදි එකක් වීම සුබ ලකුණක් යැයි සඳහන් කරන්නට කැමැති බව ද කීවේය.

මීට පෙර සිටි අධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කොතෙක් දෑ කිවුවද එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වූ බව ද හෙතෙම පැවැසීය.

Leave a Reply

Your email address will not be published.