රටේ සමස්ත ජනතාවම ගෝඨාභය පාලනය හමුවේ මේ වන විට බුක්ති විඳිමින් තිබෙන බරපතල පිඩාකාරි තත්වයන් හමුවේ පාරට බැහැල ඉන්න ජනතාව වෙත සැලසුම් සහගත ලෙස සංවිධානය කරන ලද ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂය සම්පූර්ණ වගකීම බාර ගත යුතුය.
පසුගිය වසර කිහිපය තුළ ගෝඨාභය පාලනය විසින් ගෙන ගිය දුර්වල ආණ්ඩුකරණයේ ප්‍රතිපල විසින් ජනතාව දිගින් දිගටම පීඩාවට පත්වීම සිදුව තිබු අතර ජනාධිපතිවරයා සතුව රාජ්‍යයේ තීන්දු තීරණ ගැනීමේ සමස්ත බලතල පවරාගෙන තිබෙන තත්වයන් හමුවේ ජනතාවගෙ කෝපය ජනාධිපතිවරයා සහ එම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වෙත එල්ල වීම නොවැලැක්විය හැකි තත්වයකි.
කොහොම නමුත් ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් සොයනවා වෙනුවට ජනතා අඳෝනාව නෑසු කන්ව සිටීමේ ප්‍රතිපල ලෙස ජනතාවට වීදි බැසීම හැර වෙන විකල්ප නැත. ඒ සඳහා ජනතාවට පූර්ණ අයිතිවාසිකම තිබේ. පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට ගාලුමුවදොර කෙරෙන අඛණ්ඩ උද්ඝෝෂණ ක්‍රියාවලිය අද දක්වාම සාමකාමීව පවත්වාගෙන යාම මඟින් ජනතාව පෙන්වූ විනය සදචරාත්මක බව ප්‍රජාතන්ත්‍රවාදී බව තුට්‍ටුවකට නොසලකා එම උද්ඝෝෂණ ක්‍රියාවලිය මර්දනය කර විනාශ කිරීමට පසුගිය මාසය පුරාම නොයෙක් උපක්‍රම අනුගමනය කළ ද ඒ අසාර්ථ විය. ඒ අනුව අද දින (09) අරලිය ගහ මන්දිරයට කැඳ වූ පොහොට්‍ටු පාක්ෂික මැරයන් සහ අරලය මර්දනය කිරීම සඳහා පුහුණු කරන ලද පොලිස් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් පොලු මුගුරු සහිතව අරගල භූමිය පිටත් කර ඉතා අමානුෂික තිරිසන් ප්‍රහාරයක් දියත් කරන ලදී
මෙහි දැන් සැඟවීමට දෙයක් නැත. මෙය රාජපක්ෂ රෙජීමයේ අනුග්‍රහයෙන්, අනුමැතියෙන්, ආශිර්වාදයෙන් සිදු කළ එකක් බව අතිශය පැහැදිලිය. තමන්ට ප්‍රජාතන්ත්‍රවාදීව මේ ප්‍රශ්නයට මුහුණ දිය නොහැකි නම් තමන්ගේ අසමත් කම, බැරිකම පිළිගෙන සාමකාමීව බලය අත්හැර යාමේ අවස්ථාව රාජපක්ෂවරුන්ට තිබිණි. නමුත් අවාසනාවකට ඒ අවස්ථාව මඟ හැර රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැර ජනතාවගේ සාධාරණ, යුක්ති සහගත අරගලය කුඩු පට්ටම් කිරීමට තීරණය කිරීම කිසිසේත්ම නිවැරදි හෝ හොඳ තීරණයක් වන්නෙ නැත.
එහි ප්‍රතිවිපාකයන්ට අනිවාර්යෙන්ම රාජපක්ෂවරුන්ට මුහුණ දීමට සිදු වෙනු ඇත. ප්‍රචණ්ඩත්වයෙන් තුවක්කුවේ බලයෙන රාජ්‍ය පාලනය කිරීමේ ගෝත්‍රික භාවිතය නූතන ශිෂ්ඨ සම්පන්න ලෝකය පිළිගන්නේ නැත. ඒ පාඩම රජපක්ෂ වරුන්ට 2015 වසරේදී ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබී තිබුණද ඔවුන් එයින් පාඩමක් ඉගෙන ගෙන නැති බව පැහැදිලිය.
තවදුරටත් මුදා හරින ප්‍රචණ්ඩත්වය හමුවේ ජනතාවගේ ඉවසීමේ සීමාවන් අවස්න් විය හැකිය. එවැනි මොහොතක් කියන්නේ විනාශයක්ම පමණි. නැවත ජනතාවගෙන් සංයමයක්, විනයක්, අචාරධාර්මික සටන්, බලාපොරොත්තු විය නොහැක. රාජපක්ෂ රෙජීමයේ අමනෝඥ්ඥ පාලනය හමුවේ ඉදිරි දින සති ගෙවී යන්නෙ රට වැසියාට බඩට ආහාරයක්වත් සොයා ැනිමට නොහැකි වන අවධියකටය. ඒ තත්වයන් හමුවේ කෑම ඉල්ලා කරන අරගලය වඩාත් වියරු සහගත විය හැකිය. මේවාට රාජපක්ෂ රෙජීමයට නිවැරදි පිළිතුරු නැති බව අද දින සහතික කොට පවසා ඇති අතර එම නිසාම රාජ්‍ය ත්‍රස්තවාදය හැර වෙනත් ගත හැකි ක්‍රියාමාර්ගයන්ද නැත.
අද පවතින තත්වය මේ රටෙ ඉතිහාසයෙ වෙනදා දකින්නට නොලැබුණු තරම් බරපතල තත්වයක් වන බැවින් මේවායේ ප්‍රතිපලද කවර දිනකවත් නොදුටු තරම් අනතුරුදායක වීමේ හැකියාව ඇත.
ඒ නිසා රාජපක්ෂවරුන්ට කියන්න ඇත්තේ තවත් කරන දෙයක් පරිස්සමෙන් කරන ලෙසය. කොහොමටත් තව දුරටත් තමන්ට මේ රටේ පාලනය පවත්වාගෙන යෑමට නොහැකි බවත් ඊට ජනතාව අවසර නොදෙන බවත් අවධාරණය කළ යුතුය.