ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතා භූමියට ලක්ෂයකට ආසන්න ජනකායක් රැස්ව සිටීම නිසා එම ස්ථානයේ දැඩි තදබදයක් ඇතිවී තිබේ.
ජනතාව තවදුරටත් විරෝධතා භූමියට පැමිණෙමින් සිටින බවත් මධ්‍යම රාත්‍රිය වන විට විශාල ජනකායක් විරෝධතාවට එක්වනු ඇතැයි විරෝධතාකරුවෝ පවසති.
අවුරුදු නිවාඩුව නිසා මෙම ජන අරගලයට ජන සහභාගිත්වය අවම වෙනු ඇතැයි පූර්ව නිගමනයන් තිබුණද බලාපොරොත්තු රහිත ලෙස අධික ජනතාවක් සහභාගී වී සිටිති. සඳුදා දිනය වන විට වෘත්තීය සමිති මට්ටමින්ද මේ සඳහා පිරිස් එකවෙනු ඇති බව පැවැසේ.