අගෝස්තු 9 මොකද කරන්නේ.? කොළඹ එමු !

අගෝස්තු 9 මොකද කරන්නේ.? කොළඹ එමු !

දැන් මාස 4 විතර තිස්සේ මිනිස්සු අරගලයක් කියල එකක් කළා..

ගෝඨව පැන්නුව මහින්දව පැන්නුව බැසිල්ව පැන්නුව රාජපක්ෂලාව පැන්නුව රාජපක්ෂලාගේ පොහොට්‍ටු ආණ්ඩුව පැන්නුව.
ජනාධිපති මන්දිරය ඇල්ලුව ජනාධිපති කාර්යාලය ඇල්ලුව
අගමැතිගේ ගෙට ගිනි තිබ්බ අගමැති කාර්යාලය ඇල්ලුව.
මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බ මංකොල්ල කෑවා
පොහොට්‍ටු පාක්ෂිකයන්ගේ ගෙවල් ගිනි තිබ්බ මංකොල්ල කෑවා.
විරුද්ධවාදින්ට ගැහුව, මැරුවා,

දැන් තෙල් ලැබුණද? ගෑස් ලැබුණද? කෑම ලැබුණද? බෙහෙත් ලැබුණද ? නැත.
බඩු මිල අඩු වුණාද? බස් ගාස්තු අඩු වුණාද? පොලිම් නැති වුණාද? නැත.

සිස්ටම් වෙනස් වුණාද ? මහජන බලයක් හැදුවද? නැත.
රටේ ආදායම වැඩි වුණාද? රටට ඩොලර් ආවද? නැත.

තව මොනවද කරන්න තියෙන්නේ?

රනිල්වත් පන්නනවද, දිනේෂ්වත් පන්නනවද? ඊලඟට එන එකාලවත් පන්නනවද?
පාර්ලිමේන්තුව ගිණි තියනවද?
මැතිවරණයක් ඉල්ලගෙන අලුත් ආණ්ඩුවක් පත් කර ගන්නවද?
අලුත් ආණ්ඩුවට බැරි වුණොත් උන්වත් පන්නනවද?

තව කොච්චර කාලයක් මෙහෙම පන්න පන්න ඉන්නවද?

ඇත්ත ප්‍රශ්නයට විසඳුම් නොසොයා තව පරම් පරාවකටවත් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ.. මිනිස්සු හාමතේ මැරිලා යනවා. මිනිස්සු ලෙඩ වෙලා මැරිලා යනවා. පාලකයෝ ගෙනල්ලා නවත්තපු තැනින් නොනැවතී අරගලයත් රට ගෙන යමින් තියෙන්නේ එතැනට..

අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ ආපසු හැරවුමක්. විනාශය කරා යන ගමන ආපසු හරවන්න ඕන. මිනිස්සුන්ට තව මොහොතක් හරි ජීවත් වෙන්නයි ඕන.
පාලකයෝ පන්නල මේ ප්‍රශ්නය විසඳන්න මිනිස්සු හිතනවා නම් එක කරන්න බෑ. මිනිසුන්ට තඩි බාලා මේ ප්‍රශ්නය විසඳන්න පාලකයෝ හිතනවා නම් ඒක කරන්නත් බෑ. ගහමරාගෙන මේක විසඳගන්න බෑ කියලා හොඳටම පැහැදිලියි.

දෙගොල්ලම හොඳටම දන්නවා, දැන් ගොඩ එන්න බැරි තරමට කෙළවෙලා තියෙන්නේ කියලා. මේක විසඳන්න පුලුවන් පුතයෙක් රටේ ඇත්තේ නෑ කියලා. කවුරුවත් ඇවිත් මේක විසඳලා දෙන්නෙත් නෑ කියලා.
එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ ? එකතුවෙලා මේක බේරගන්න ට්‍රයි කරන එක.

දැන් මොකෙක් හරි පාලකයෙක් ඉන්නවා. ඒත් කරකියා ගන්න දෙයක් නැතිව. මිනිස්සුන්ගේ සහයෝගයත් නැතිව ඉන්නේ. එහෙම රටවල් පාලනය කරන්න බෑ. පාලකයයි පාලිතයන් වෙන මිනිස්සුයි අතර සාමයක් තියෙන ඕන, සම්මුතියක් තියෙන්න ඕන.

අගෝස්තු 9 කොළඹ එන්න. රොද බැඳගෙන එන්න..

උඹල ලැහැස්ති නම් අපිත් ලැහැස්තියි රට ගොඩනගන්න කියන පණිවිඩය දෙන්න. ඒ හඬ මඟ ඇරල පාලකයන්ට යන්න බෑ. පාලකයන්ට කෙළවෙලා තියෙන්නේ..මිනිස්සු වෙන අපිටත් කෙළවෙලා තියෙන්නේ.
අපි සම්මුතියකට එමු. අගෝස්තු 9 ඒ ඓතිහාසික දිනය කර ගමු. සම්මුතිය රකිමු.. ඒ සම්මුතියට වැඩ කරමු. නැතුව කාටවත් ගොඩ යෑමක් නෑ.

Leave a Reply

Your email address will not be published.