අද ලංකාදීප පත්තරේ මුල් පිටුවේ තියෙන කතාව ‘දිඹුලාගල දරුවන්ට ආහාර අහේනිය කෑලෑ කොළ කනවා‘ කියන කතාව.
මේ පින්තුර අද අරගෙන තියෙන්නේ එම පාසලේ, උදේට විතරක් නෙවෙයි දවල්ටත් දරුවන්ට කන්න දීලා තියෙනවා. අනික් පින්තූරවල තියෙන්නේ දරුවන්ට බෙදාදීලා අවසන් වෙලා, ඉතිරිවෙලා ගොඩ ගහලා තියෙන පොත් පත් සපත්තු සහ අනෙකුත් පාසල් උපකරණ.
දළුකාන පාසලේ ඕස්ට්‍රෙිලියන් ජාතිකයෙකු විසින් අද (31) ලබා දී තිබෙන ආහාරයට එළවළු වර්ග බිත්තර සහ පළතුරු ඇතුළත්.
දිඹුලාගල මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න තියෙන බව ඇත්ත. නමුත්, දරුවන්ට කැලෑ අල හාරගෙන කන්න තත්වයක් නම් ඇවිත් නෑ.
තවත් දෙයක්, පැමිණිමේ ලේඛන අනුව නම් දරුවන්ගේ පාසල් පැමිණීම සාමාන්‍ය මට්ටමේ තියෙනවා. ආහාර දෙන නිසා වෙනදාට වඩා දරුවෝ පාසල් එනවා.
මේ ප්‍රවෘත්තියත් අර දරුවෝ කළන්තේ දානවා වගේ, නැත්තම් සූරියවැව මන්දපෝෂණ තත්වය ගැන කරපු වාර්තාව වගේම තමයි. ඇත්තක් නෙවෙයි.
අද උදේ ඉදන් මේ ගැන වද වෙච්ච සියළු දෙනාට ස්තුතියි. අපි ඇත්තටම ආහාර පොත් අවශ්‍ය තැන්වලට විතරක් උපකාර කරමු. සිරස්තල මවන මාධ්‍ය ඇත්ත තැන් හොයාගෙන යන්න. රටේ ප්‍රශ්න තියෙනවා. ඇත්ත ප්‍රශ්න කතා කරමු. එතකොට අපිට පුළුවන් ඒ ඇත්ත ප්‍රශ්නවලට උත්තර හොයන්න.
