සිසුන් මරන් කන මාතර මහා විද්‍යාලයේ වදක ගුරු ඩබලක්

සිසුන් මරන් කන මාතර මහා විද්‍යාලයේ වදක ගුරු ඩබලක්

සෑම දිනකම බීමතින් පාසලට පැමිණෙන සතියකට වරක් හෝ දරුවෙකුට මලේච්ඡ ලෙස පහර දෙන ගුරුවරයකු සහ ඊට අනුබල දෙන ගුරුවරියක ගැන මාතර මහ විද්‍යාලයෙන් දැනගැනීමට ඇත.

මාතර මහ විද්‍යාලයේ ජයවීර නැමැති ගුරුවරයා කළ පහර දීමකට අදාලව ලැබී තිබෙන පොලිස් පැමිණිල්ලක් මත ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඊයේ (02) දිනයේ පොලීසියෙන් පැමිණෙන විටත් මෙම ගුරුවරයා බීමතින් සිටි ඇති නමුත් පොලීසියෙන් පැමිණි විගස පාසලෙන් පැන ගොස් ඇත. මීට පෙරද පාසලේ ශිෂ්‍ය නායකයෙකුට සහ තවත් සිසුන් කිහිප දෙනෙකුට පහර දීම පිළිබඳ පොලිස් පැමිණිලි ඇති අතර ඊයේ පාසලට පැමිණී පොලිස් නිලධාරින්ට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට සිසුන් උත්සාහ කර ඇතත්, එරන්දි නැමැති ගුරුවරියක ඒ වලක්වා ඇති බවත් දැනගැනීමට ඇත. මෙම බීමත් ගුරුවරයා සිසුන්ට පහර දීමේදී ඊට අනුබල දෙමින් කටයුතු කරන තැනැත්තියක් වේ.

එමෙන්ම ගුරුවරිය විදුහල්පතිගේ සමීප හිතවතියක් බවත්, ඇයගේ කටයුතු ඔහු ආරක්ෂා කරන බවත් දෙමාපියන් සහ සිසුන් පවසයි. මෙම ගුරුවරයා විදුහල්පතිට ද තර්ජනය කරන අයෙකු බවත් සැලයි, මේ සඳහා බොහෝ සිසුන් සාක්ෂි දරණ බව සැලැයි.

මේ සමඟ පහත පළ වන්නේ සිසුවකුගේ පියා විසින් තමන්ගේ දරුවාට පහර දීම සම්බන්ධයෙන් ලියා ඇති ලිපියකි.

Leave a Reply

Your email address will not be published.