ඉන්ධන නැති නිසා සීමාවාසික වෛද්‍ය පත්වීම් අර්බුධයක

ඉන්ධන නැති නිසා සීමාවාසික වෛද්‍ය පත්වීම් අර්බුධයක

2022.05.13 දින අවසන් වීමට තිබූ විදේශ උපාධිධාරී වෛද්‍යවරුන් වෛද්‍ය වෘත්තියේ යෙදීම සදහා ලියාපදිංචි කිරීමට පැවත්විය යුතු (Examination for Registration to Practice Medicine – ERPM)) විභාගයේ වාචික විභාගය මැයි 9 වෙනි දින රට තුළ පැවති අර්බුධය නිසා දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සිදුව තිබේ.

මේ හේතුවෙන් 2022 ජූනි සීමාවාසික වෛද්‍ය පත්වීම්, විදේශ උපාධිධාරී ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් හට අහිමි වුවහොත් තමන්ට 2022 වසර සදහා යළි වෛද්‍ය පත්වීම් නොලැබෙන බව මෙම අර්බුධයට මුහුණ පා සිටින විදේශ උපාධිධාරී වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටී.

නැවත විභාගය පැවැත්ම සඳහා දිනයක් තවමත් ලබාදීමට වෛද්‍ය සභාවට නොහැකි වී ඇත්තේ රජරට හා රාගම වෛද්‍ය පීඨ මෙම වාචික විභාගය නැවත පැවත්වීමට දිනයක් තවමත් ප්‍රකාශ කර නොමැති වීමය.

එම වෛද්‍ය පීඨ වල බලධාරීන් පවසන්නේ රට තුළ පවතින ඉන්ධන අර්බුධය නිසා නිශ්චිත දිනයක් ලබාදීමට නොහැකි බවය.

Leave a Reply

Your email address will not be published.