චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය සඳහා වන පක්ෂ නියෝජිතයන් තෝරාපත් කර ගැනීම මේ වන විට සිදු කර තිබේ.ඒ අනුව නියෝජිතයන් 2296 දෙනෙකු තෝරාපත් කර තිබේ.
ජාතික කොංග්‍රසය එළැඹෙන ඔක්තෝබර් මස 16 වැනි දා ආරම්භ වීමට නියමිතව ඇත.
චීන ජනාධිපති ෂී ජින් පිං ගේ නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී චින්තනය හා චීන කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාව පදනම් ව ක්‍රමානුකූලව විවිධ මට්ටම්වලින් එම නියෝජිතයන් තෝරාගෙන ඇත. එම නියෝජිතයන් චීනයේ විවිධ ක්ෂේත්‍රවල නියැළී සිටින ආදර්ශවත් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් වීම විශේෂත්වයකි.