සමාජ මාධ්‍යය මගින් ගජරාමෙට චරිත හේරත්ව වීරයාගේ භුමිකාවට කැදවමින් සිටී. ඒත් චරිත හේරත්ගේ සැබෑ චරිත කථාව සත්‍ය වශයෙන්ම දන්නෝ විරලය. එම නිසා චරිතගේ චරිත කථාව නිසිලෙස සමාජ ගත යුයැයි අප විශ්වාස කරමු.
ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වූයේ 1987/88 කණ්ඩායමටයි. ඔහු විචිත්‍රභානුක ධර්ම කථිකයකු ලෙස එවකට ප්‍රසිද්ධ විය. හෙතම නමින් කඹුරුගමුවේ සෝරත විය.
පසුව ඔහු දර්ශණය පිළිබඳ විශේෂ උපාධියක් හදාරා ඇමරිකානු රජයෙන් ලද ශිෂ්‍යත්වයක් මත MA උපාධිය හැදෑරීමට ඇමරිකාවට ගොස් ගුවන් තොටේදීම සිවුරු පාත්‍ර අත්හල කෙනෙක්.
යාපනය ප්‍රදේශයේ වැදගත් පවුලක ද්‍රවිඩ කාන්තාවක් හා විවාහ වන ඔහුගේ එකම පුත්‍රයා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබයි.
පසු කාලීනව චරිත තමන්ගේ ගමේ ඥාති අනුර ප්‍රියදර්ශනගේ පහනෙන් එලිය බලා කරලියට පැමිණියේය.
අනුර ප්‍රියදර්ශන විසින් ඔහු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශකයකු ලෙස ගෙන එන ලදී.පසුව අනුර ප්‍රියදර්ශන පරිසර අමාත්‍යාංශයේ ඇමතිවරයා වන විට චරිත පරිසර අමාත්‍යාංශයේ සභාපති බවට පත් කරන ලදී.
එසමයෙහි බැසිල් රාජපක්ෂගේ හොද හිත දිනා ගැනීමේ කටයුත්ත සිදුකරන්නට යෙදින.
පසුව බැසිල් රාජපක්ෂ විසින් ඔහු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බවට පත් කරනු ලැබීය. මේ චරිත හේරත්ගේ ජනමාධ්‍ය ආගමනය සිදුවීමයි. හෙතම ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයා ලෙස කටයුතු කරන සමයෙහිම මසකට මිලියන 75 පමණ ආදායමක් ලබා ගත හැකි තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ද මේ සමයේයි.දිලිත් ජයවීරලා වැන්නවුන් ඩලස් අලහප්පෙරුමලා වැන්නවුන් සමග ඔහු එක් වන්නේද මේ කාලයේදීයි.
ඉන්පසුව මහින්ද රාජපක්ෂ ඇන්දවිමේ කාර්යය සූක්ෂම ලෙස ඔහු විසින් ආරම්භ කරනු ලබනවා.
නිකලෝ මැකියාවලී “කුමාරයා” ග්‍රන්ථය රචනා කලාක් මෙන් චරිත විසින් නූතන කුමාරයා පොත ලියා මහින්ද රාජපක්ෂ කුමාරයාට ඇන්දවීම සිදුකරා.
ඒක හරි අපූරුය. ඒ ඔහුගේ නව නිවසට ගෙවදුන අවස්ථාවේය.
ඒ අපූරු අත්දැකීම විදින්න ඒ නිවාසයට ගෙවිදීමට ම යායුතුය විය. ගෙට ගෙවිදීම සංවිධානය කරමින් තිබුණේ ඉතාමත්ම සංවිධානාත්මක විදියටය.
එක එක තැන් එක එක විදිහට බෙදා තිබුණි.ඇත්තටම පහළ මහලේ සාලය එවක අගමැති හදවතේ නායක මහින්ද රාජපක්ෂ පිළිගැනීමට සැකසී තිබුණි.
එහි මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා එකට හිඳින ඡායාරූපය මහින්ද රාජපක්ෂ තමන්ගේ හදවතේ නායකයා බව යළි යළිත් යළි යළිත් යළි යළිත් අවධාරණය කොට තිබුණි.
උඩුමහලේ අලුතෙන් හැදු පුස්තකාලය බැසිල් පිළිගන්නට ය. ඒ තුළට ගිය විට මහින්දගේ ඡායාරූප එහි නැත. එහි තිබුණේ බැසිල්ගේ ඡායාරූපයකි. බැසිල්ට සංග්‍රහ කිරීම සඳහා මේසය ඒ ඡායාරූපය තිබුණු තැන ඉදිරියෙන් සකස් තිබින. එනම් ඒ උත්සවයෙ උඩුමහල බැසිල් සන්තර්පණය කිරීම සඳහා නිර්මිත ව තිබුණි. එහි අන්තර්ගතය දෙස හොඳින් සලකා බලන විට දැකගන්නට ලැබුණේ එහිදී නම් හදවතේ නායකයා අන්කිසිවෙකු නොව බැසිල් බවය.
පසු කාලීනව නෙළුම් මාවතේ පස් නොපෑගූ හෙතම සිරිසේන ජනාධිපතිවරයා සමග ගමනක් යාමට උත්සහා කරනවා. එය ධම්ම දිසානායකගේ මැදිහත් වීම මත වැලකී යනවා.ඒ එක තැන එක ජාතියේ මිනිසුන් දෙදෙනෙකුට රැදෙන්නට බැරි නිසායි.
කෙසේ නමුත් මහ මැතිවරණය ආසන්න වන විට නෙළුම් මාවතට කිට්ටු වී හඬා වැටෙමින් ජාතික ලැයිස්තුවේ පිහිටෙන් පාර්ලිමේන්තුවට රිංගා ගන්නවා. ඔහුගේ බලාපොරොත්තුව වුයේ ජනමාධ්‍ය ඇමතිකම ලබාගැනීමයි.එය නොලැබීම හේතුවෙන් හෙතම දැඩි ලෙස කලකිරීමට පත් වනවා.
එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුව කල යුත්තේ කෙසේද යන තමා උගත් දර්ශණය භාවිතා කරමින් පාර්ලිමේන්තුව ඇමතීමට පටන් ගැනීම.
මෙය තේරුම් ගත් බොහෝ අය හිටියා.නමුත් අවසානයේ ඒ අය සිතූ ආකාරයටම චරිත හේරත් , ඩලස්ගේ කල්ලියට එක් වනවා.ඩලස් දෙක චරිත හේරත් එක වන්නට උත්සහා කරනවා.ඒ අතරේ ජී.ඇල්. මේ අස්සට පැනීමත් සමග ජී.ඇල් එක වී මේ දෙදෙනා දෙක බවට පත්ව තිබෙනවා.
මේ දිනවල කතාව ගොඩ නගන්නේ කෝප් කමිටුවේ සභාපති කමින් ඔහු ඉවත් කරන්නට යන බව.
සමාජ මාධ්‍ය මේ පිළිබඳ නිවැරදි තොරතුරු දන්නේ නැත.
චරිත හේරත්ලාගේ කණ්ඩායම ආණ්ඩු පක්ෂයේ නොවන අතර ඔවුන් කටයුතු කරන්නේ ස්වාධීනවය.ඒ නිසා ආණ්ඩු පක්ෂයෙන් ඔවුන්ගේ නම් යෝජනා කිරීමක් සිදු වන්නේ නැත.
ඔවුන් කල යුත්තේ විපක්ෂය හරහා හෝ ස්වාධීන කණ්ඩායමක් හරහා කෝප් කමිටුවට තමන්ගේ කණ්ඩායම යෝජනා කිරීමයි. මේ සත්‍ය කතාවයි. නීතිය පිළිබඳව දන්න අය මේ පිළිබඳ හොදාකාරවම දනී.දැන් මිනිසුන් ගොනාට ඇන්දවීම චරිත නතර කල යුතුයි.
චරිත හේරත් යනු උපරිම බොරු කාරයෙකි.
නැති මහාචාර්යකමක් පෙන්වා තමන් මහාචාර්ය වරයෙකු ලෙස පෙනී ඉන්නා බොරු කාරයෙකි.හෙතම අවම වශයෙන් මාස දෙකක්වත් මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කර නැති කෙනෙකි.
විශ්ව විද්‍යාලයෙන් සම්මානික මහාචාර්ය පදවියක් පිරි නමා නැතිනම් මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව පිලිබඳව අප ඔහුට අභියෝග කරන්නෙමු.
චරිත හේරත්ගේ ආචාර්ය උපාධිය පිළිබඳවද විශාල ප්‍රශ්න රාශියක් ඇත. කවදා ලියා කවුරුන් ලියා කොහෙන් ගත්තාද කියා කිසිදු සාක්ෂියක් නැත. කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත්තා කියා කීවාට එම විශ්ව විද්‍යාලයේ චරිතව අධීක්ෂණය කල අයකුද නැත.
දැන්වත් චරිත හේරත් රටට කරන බොරුව නැවැත්විය යුතුමය.”හීරුලුවෝ විශ්වාස කරන්න එපා” යැයි ගම්වල කියමනක් ඇත.ඒ කියමන ඔප්පු නොකර සිටීම චරිතගේ ඇගට ගුණය.
කෝප් කමිටුවේ සභාපතිකම පොදුජන පෙරමුණ පැහැරගත්තායැයි කියන කතාව අමූලික බොරුවක්ය. චරිත මේ රඟපාන්නේ හැමදාම ඔහුට සුපුරුදු වංචාකාරයාගේ චරිතයයි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය දන්නෝ මෙය දනිති !!
මේ වගට
පද්මශාන්ත වෑත්තැව
උපුටාගැනීමකි.