ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් “ආහාර ප්‍රතිපත්ති කමිටුව” පිහිටුවීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සැපයුම මිල ගණන් සහ අලෙවිකරණය පිළිබඳ කෙටිකාලීන ගැටලු මෙන්ම සැපයුම්දාම මෙහෙයුම්දාම මෙහෙයුම් සම්බන්ධයෙන් නිෂ්පාදකයින්, වෙළෙඳුන් හා පාරිභෝගිකයින් අතර විශ්වාසය ගොඩනැගීම හා දිගුකාලීන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම එම කමිටුවට පැවරී තිබේ.
ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් වන තීරණයන්ට එළැඹීම වෙනුවෙන් බිම්මට්ටමේ සිට ඉහළට පෙළ ගැසෙන උපාය මාර්ගයන් අනුගමනය කරමින් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන මධ්‍යස්ථාන සවිබල ගැන්වීමේ අරමුණින් බහු – ආංශික යාන්ත්‍රණයක් රජය මෑතකදී ස්ථාපිත කරනු ලැබ ඇත. එම යාන්ත්‍රණය විධිමත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මකව කිරීම පිණිස ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ආහාර ප්‍රතිපත්ති කමිටුව පිහිටුවනු ලැබ තිබේ.