14වැනි බ්‍රික්ස් රාජ්‍යනායක සමුළුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද(23) වීඩියෝ තාක්ෂණයෙන් ආරම්භ විය. “උසස් ගුණාත්මක හවුල්කාරී සබඳතා ගොඩනගා ගනිමින් ගෝලීය සංවර්ධනයේ නව යුගයක් පොදුවේ නිර්මාණය කිරීම”මෙවර එහි තේමාව යි.
චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්‍වා දුන්නේ, ගතවූ වසර තුළ, නව කොරොනා වසංගතය පුළුල් ලෙස පැතිර ගිය අතර, ලෝක ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සුමට අයුරින් සිදු නොවූ බවයි. එමෙන්ම සාමය හා ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු කැපී පෙනෙන ලෙස ඉස්මතු වී ඇත. නමුත් බ්‍රික්ස් ක්‍රමවේදයේ වර්ධනීය බවක් හා නම්‍යශීලීභාවයක් පෙන්නුම් කර තිබේ.මේ වන විට බ්‍රික්ස් සහයෝගිතාවය ප්‍රශස්ත ප්‍රගතියක් අත් කරගෙන ඇති බව ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය .
මෙවර හමුව, මානව සමාජය ඉදිරියට ගමන් කරන්නේ කෙසේ දැයි යන්න පිළිබඳ වැදගත් අවස්ථාවක් වන බව ෂී ජින් පිං මහතා අවධාරණය කරන්නේ. බ්‍රික්ස් රටවල්, නැගී එන වෙළඳපොළ සහිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස තමාට පැවරී තිබූ වගකීම් හා යුතුකම් අභිමානයෙන් දැරිය යුතු ය. එසේම, ලෝකය වෙනුවෙන්, සක්‍රිය, ස්ථාවර හා සංවර්ධනාත්මක බලවේග සැපයිය යුතු බවද චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
බ්‍රික්ස් සහයෝගිතාවේ විශිෂ්ට සංවර්ධනය පොදුවේ දායක වීම සඳහා “අධිගුණාත්මක හවුල්කාරී සබඳතා ගොඩනගා, ගෝලීය සංවර්ධනයේ නව යුගයක් පොදුවේ නිර්මාණය කිරීම”යන තේමාව යටතේ පුළුල් ලෙස අදහස් හුවමාරු කිරීමට බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.