කලින් දැනුම්දී තිබියදීත් මයිනා ගෝ ගම, ගෝඨා ගෝ ගම ප්‍රහාර වැලැක්වීමට පොලිසියට නොහැකිවීම සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු වලට අදාලව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඉන් ඉවත් කොට වෙනත් ස්ථානයකට යොමු කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.
මැයි 09 වැනිදා ගෝඨාගෝගම පරිශ්‍රයට ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට යම් බලපෑමක් එල්ල වීමේ අවදානම හේතු කොටගෙන මෙම දැනුම්දීම නීතිපතිවරයා විසින් සිදු කොට ඇත.
මේ වන විට මැයි 09 වන්දා ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාත් පොලිස්පතිවරයාත් සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාත් බෝලය එහෙට මෙහෙට පාස් කරමින් වගකීමෙන් ගැලවීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙම නිලධාරීන් තිදෙනාම ජනාධිපති ගෝඨාබයට ඉතා සමීප නිලධාරීන් ලෙස ප්‍රසිද්ධියක් උසුලන අයවලුන්ද වේ.