හදිසි නීතිය ඉවත්කරන්න !
ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණය හෙට හවස 5ට කොටුව දුම්රියපොල ඉදිරිපිට.
අත්ඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරනු ! උද්ඝෝෂණය හෙට සවස කිරිබත්ගොඩදී
වී මිල වැඩිකරනු !
ගොවි උද්ඝෝෂණය ,හෙට සවස හිගුරක්ගොඩ නගරයේදී
මේ විදිහට තමන්ගෙ ප්‍රශ්න ගැන සමාජෙට කියන්න, ආණ්ඩුවට බලපෑම් කරන්න උද්ඝෝෂණ සංවිධානය කරන්න ජනතාවට අයිතියක් තියනව. ඒවට දින නියම කරන්න ,ප්‍රචාරය කරන්න පුලුවන් ..
ඒත්..
අප්‍රේල් 05 උදේ 05ට රට අල්ලනවා,සියලු පොලීසි වලට එකපාර පහර දෙමු.
මේ විජේවීර ගත්ත තීරණයක්. මේ තීරණේ දැන ගත්ත ගමන් බණ්ඩාරනායක මැතිනිය කළේ මොකක්ද?
ගෝඨාභය වගේ හැංගෙන එකද?
ත්‍රස්තවාදය පරාජය කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න හැමෝම එක්ක එකතු වුණ එක නේද? එදා මැතිණියගේ සමඟි පෙරමුණු ආණ්ඩුවට විපක්ෂයේ හිටපු ජේ ආර් උපරිම සහයෝගය දුන්නා.
රටේම සහයත් අරන් , ජාත්‍යන්තර සහයත් අරන් අප්‍රියල් 05 උදේ 05ට රට අල්ලන්න හිටපු අය අල්ල කූඩු කරල පුනුරුත්ථාපනය කරපු එක නේද කළේ?
89 විජේවීර දින දැනුම් දුන්නේ චිට් වලින්,
ඒ චිට් ඒ කාලෙ නම් අහු වුණ ගමන් අරන් ගියා, බොහෝ විට ආපහු ආවෙත් නෑ.
දැන් සමාජ මාධ්‍යවලින් රට අල්ලන්න, පාලකයන් පන්නන්න, ප්‍රචණ්ඩත්වය වපුරන්න, රටම ලේ විලක් කරන්න, රට අරාජක කරන්න.. දින නියම කරල චිට් (පෝස්ට්) බෙදන අයට මොකද කරන්න ඕනෙ, මෙහෙම කුමන්ත්‍රණ කරන්න ඉඩ දෙන්නවද? පුනරුත්ථාපනය කරල යහමගට ගන්නවද?
උද්ඝෝෂණ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය එක්ක මේ දින දීමේ කුමන්ත්‍රණ පටලව ගන්න එපා…ඒ දෙක දෙකක්.
ප්‍රජාතන්ත්‍රවාදය රැකගනිමු
උද්ඝෝෂණ කිරීමේ අයිතිය පිළිගනිමු,
රට අල්ලන්න දින දීමේ කුමන්ත්‍රණ පරදමු.
කුමන්ත්‍රණ වලින් ප්‍රජාතන්ත්‍රවාදී සටන නිදහස් කර ගනිමු.
(උපුටාගැනීමකි)