හිටපු මහ බැංකු අධිපති අජිත් නිවඩ් කබ්රාල් මහතා වෙත පනවා ඇති විදේශ ගමන් තහනම ජුලි 25 දක්වා දීර්ග කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කරන ලදී.
මහ බැංකු අධිපතිවරයාට එරෙහිව හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. මෙම නඩුව මෙයට පෙර අවස්ථා තුනක දී කැඳවූ අතර එය සෑම අවස්ථාවකම කබ්රාල් අධිකරණයේ පෙනී සිටියේ නැත.
එලෙස ගොනු කරන ලද චෝදනා මෙසේය.
2006ක් වූ ජුලි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනක සිට, 2015 ජනවාරි 08 වැනි දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටිමින් තමාගේ සමීපතම ඥාතීන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික වෙළෙඳපොළ නියෝජනය කරනු ලබන සමාගම්හි අධ්‍යක්ෂවරු සහ කොටස් හිමියන් ලෙස සිටිය දී ඒ බව අනාවරණය නොකර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොලේ විකුණා එමඟින් ශ්‍රී ලංකා ජනරජයට රුපියල් බිලියන 10.04 සිට 10.06 දක්වා පාඩුවක් සිදුකරමින්, සාපරාධී විශ්වාසය කඩ කිරීම මඟින් දණ්ඩනීති සංග්‍රහය යටතට ගැණෙන වැරදි සිදුකිරීම.
2006ක් වූ ජුලි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනක සිට 2015 ජනවාරි 08 වැනි දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටිමින් තමාගේ සමීපතම ඥාතීන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික වෙළෙඳපොළ නියෝජනය කරනු ලබන සමාගම්හි අධ්‍යක්ෂවරු සහ කොටස් හිමියන් ලෙස සිටිය දී ඒ බව අනාවරණය නොකර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාල අභ්‍යන්තර රහස් තොරතුරු වංක සහ සාවද්‍ය ලෙස පරිහරණය කරමින්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන බැංකුකරුවෙකු සිදුකරනු ලබන සාපරාධී විශ්වාසය කඩ කිරීම මඟින් එම පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම.
2006ක් වූ ජුලි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනක සිට 2015 ජනවාරි 08 වැනි දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටිමින් තමාගේ සමීපතම ඥාතීන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික වෙළෙඳපොළ නියෝජනය කරනු ලබන සමාගම්හි අධ්‍යක්ෂවරු සහ කොටස් හිමියන් ලෙස සිටිය දී ඒ බව අනාවරණය නොකර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොලේ විකුණා එමඟින් ශ්‍රී ලංකා ජනරජයට රුපියල් බිලියන 10.04 සිට 10.06 දක්වා පාඩුවක් සිදුකරමින්, ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් හා විනිමය ආඥා පනත යටතට ගැණෙන වැරදි සිදුකිරීම.
2006ක් වූ ජුලි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනක සිට 2015 ජනවාරි 08 වැනි දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටිමින් අමෙරිකා එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේරි යන අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් කැබිනට් මණ්ඩලයේ හෝ මූල්‍ය මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා ජනරජයට අයත් මුදලින් ලබා දෙමින්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ බැංකුකරුවෙකු විසින් සිදුකරනු ලබන සාපරාධී විශ්වාසය කඩ කිරීම මඟින් වරදක් සිදුකිරීම.
2006ක් වූ ජුලි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනක සිට 2015 ජනවාරි 08 වැනි දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටිමින් අමෙරිකා එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේරි යන අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් කැබිනට් මණ්ඩලයේ හෝ මූල්‍ය මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා ජනරජයට අයත් මුදලින් ලබා දෙමින්, එකී මුදල වංක ලෙස සහ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මඟින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම.
2021 සැප්තැම්බර් 15 දින හෝ ඊට අසන්න දිනකට සිට 2022 අප්‍රේල් 04 වැනි දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිටිමින් 2022 ජනවාරි මස 18 වැනි දින හෝ ඒ ආසන්නයේ දී කල්පිරිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක වටිනාකමින් යුත් ස්වෛරී බැඳුම්කරයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පිරිමැසිය නොහැකි සහ අප්‍රතිකාරී හානි ගෙනදෙන පරිදි පැමිණිල්ල විසින් නම නොදන්නා පර්ශවයන් වෙත වාසි සැලසෙන පරිදි ශ්‍රී ලංකා ජනරජයට අයත් මුදලින් 2022 ජනවාරි මස 18 වැනි දින හෝ ඒ ආසන්නයේ දී ගෙවා, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 388 වැනි වගන්තියේ සාපරාධී විශ්වාසය කඩ කිරීම මඟින් එම පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම.