කාටත් කලින් චීනයට 2024 ඔලිම්පික් ජයග්‍රහණයක් !

කාටත් කලින් චීනයට 2024 ඔලිම්පික් ජයග්‍රහණයක් !

චීන මාධ්‍ය සමූහය, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වැඩිම පොදු සංඥා නිෂ්පාදනය භාර ජාතික රූපවාහිනි හා ගුවන් විදුලි ආයතනය බවට පත් වේ.

චීන මාධ්‍ය සමූහය, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉසව් කිහිපයක ජාත්‍යන්තර පොදු සංඥා නිෂ්පාදන ආයතනයක් බවට පත් ව ඇති අතර ඒ අනුව ජිම්නාස්ටික්ස්, මේස පන්දු, බැඩ්මින්ටන් හා පර්වත තරණය යන තරග ඉසව්වල ජාත්‍යන්තර පොදු සංඥා නිෂ්පාදනය චීන මාධ්‍ය සමූහය විසින් සිදු කරනු ලබයි.

පසුගිය 5 වැනි දා චීන මාධ්‍ය සමූහය හා ජාත්‍යන්තර ඔලිම්පික් විකාශන සේවා ආයතනය අදාල සහයෝගතා ගිවිසුමට අත්සන් තැබීය. ඒ අනුව චීන මාධ්‍ය සමූහය, පැරිස් ඔලිම්පික්‍ ක්‍රීඩා උළෙලේ, වැඩිම පොදු සංඥා නිෂ්පාදන ව්‍යාපෘති භාර ජාතික රූපවාහිනි හා ගුවන් විදුලි ආයතනය බවට පත් විය.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් ෂෙන් හයිෂියොන්ග් මහතා හා ඔලිම්පික් විකාශන සේවා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Yiannis Exarchos මහතා මාර්ගගත ආකාරයෙන් ගිවිසුම අත්සන් තැබීමේ උළෙලට එක්වූහ.

චීන මාධ්‍ය සමූහය, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජාත්‍යන්තර සංඥා නිෂ්පාදන ආයතනයක් බවට පත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා සුබ පැතුම් පිරිනමා ඇත.

Leave a Reply

Your email address will not be published.