2022 අප්‍රේල් ග්‍රහ පෙරළියෙන් රට අවුල් වෙයිද?

2022 අප්‍රේල් ග්‍රහ පෙරළියෙන් රට අවුල් වෙයිද?

2022 අප්‍රේල් මාසයේ සිංහල අවුරුදු සමය උදාවෙන් පසුව ග්‍රහ පෙරළි රාශියක් සිදුවීමට නියමිතව තිබේ. ඒ අනුව ලංකා කුම්භ ලග්න කේන්දරයට අනුව ලග්නයට අඟහරු පැමිණීම අප්‍රේල් 07 සිදුවූ අතර අප්‍රේල් 08 බුධ, මේෂ රාශියට පැමිණීමද සිදුවිය.

මීළඟට අප්‍රේල් 12 රාහු, මේෂ රාශියට පිවිසීමත්, තුලා රාශියට කේතු පැමිණීමත්, අප්‍රේල් 13 ගුරු මීන රාශියට පැමිණීමත්, අප්‍රේල් 14 රවි, මේෂ රාශියටත්, සිකුරු, තුලා රාශියට පැමිණීමත්, අප්‍රේල් 27 බුධ, වෘෂභ රාශියට පිවිසීම, 25 දිනයේ සෙනසුරු කුම්භ රාශියට පිවිසීම 29 වැනි දිනත් සිදුවීමට නියමිත අතර මේ ග්‍රහ තත්ත්වයන්ගේ වෙනසත් සමග ලංකාවේ සියලු අංශවල කඩාවැටීමක් මෙන්ම පාලක පක්ෂය අප්‍රසාදයට පත්වීමේ ස්වභාවයක් පෙන්නුම් කෙරෙන අතර පසුගියදා (අප්‍රේල් 05) ඇතිවූ ශනි, කුජ ග්‍රහ සංයෝගය අනුව ශනි ජයග්‍රහණය කරයි. මෙය ලංකා කේන්දරයේ 12 වැන්න හෙවත් වැය ස්ථානය තුළ සිදුවීමට මත කම්කරුවන්ට හා දුක් විඳින ජනතාව නියෝජනය කරන සෙනසුරුගේ මෙම කුම්භ රාශි ගමන අප්‍රේල් 29 වැනිදාට පසු ඉතා හොඳ කාල පරිච්ඡේදයක් ජනතාවට උරුම කිරීමට හේතු වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජේ.උපාලි ද සොයිසා

Leave a Reply

Your email address will not be published.