මොන බම්බුවට ද ජනතාව කැරලි ගහන්නේ

මොන බම්බුවට ද ජනතාව කැරලි ගහන්නේ

සයිමන් නවගත්තේගම ගේ ක්ෂීර සාගරය කැළඹීනි නවකතාවේ, ඇමති, පුරෝහිතයින් ගේ ලනු ගිලලා රට සෞභාග්‍යයෙන් පිරිලා ඉතිරිලා කියලා රැවටිලා හිටිය රජ්ජුරුවෝ එහෙනම් මොන බම්බුවට ද ජනතාව කැරලි ගහන්නේ කියලා බලන්න වෙස් වලාගන ගම් දනවු වල ඇවිදින්න ගියාම තමයි තේරුනේ ජනතාව හොම්බෙන් යන බව. තමන් ජනතාවගෙන් එකෙක් නම් තමනුත් මේ රාජ්‍යයට විරුද්ධව කැරලි ගහනවා නේද කියලා වටහාගත්ත රජ්ජුරුවෝ කැරලි කරුවන් ට එකතු වෙනවා.
බැරි වෙලාවත් ගෝටා වෙස් වලාගන ගෝටා ගෝ ගම පැත්තේ ගියොත් ෂුවර් එකටම එයත් කළු කොඩියක් වන වන ගෝටා ගෝ හෝම් කියනවා. (දැනටමත් ඉන්නවද දන්නේ නැහැ ).


ගෝටා ගෝ ගම කියන්නේ තරුණ තරුණයින් ගේ ෆැන්ටසි රාජ්‍යයේ හැඩය. එහි ආගම් නැත්තේ නැහැ. හැම ආගමක් ම තියෙනවා. එකිනෙකාට එරෙහිව යන්නේ නැතිව සහයෝගයෙන්. නිරාගමිකත්වයත් තියෙනවා. සටන් කාමීත්වය තියෙනවා. සහෝදරත්වය තියෙනවා. විරෝධය තියෙනවා. විනෝදයත් තියෙනවා. සෞන්දර්යය තියෙනවා. සමානාත්මතාව තියෙනවා. උද්යෝගය තියෙනවා.


ජාතීන් ඉන්නවා. ජාති වාදය නැහැ. විවිධ වෘත්තිකයින් ඉන්නවා. පන්ති බේදය නැහැ. දේශපාලනය තියෙනවා. පක්ෂ නැහැ.
මේ අද තරුණ පරම්පරාව අපේක්ෂා කරන සිහින රාජ්‍යයේ මුලික ලක්ෂණ. අපේ මෑත ඉතිහාසයේ මේ දුෂ්කර මොහොත තුල ඔවුන් දකින්නේ ඒ සිහිනයයි.


ඒ සිහිනය යතාර්ථයක් කරගැනීම වෙනුවෙන් හැම යුගයකම තරුණ තරුණයින් මිය ගියා.
ඔවුනට කන් දෙන්න. ඔවුන් දකින සිහිනය සුන්දරයි. ඒ සිහිනය දකින්න ඔවුනට අයිතියක් තියෙනවා. මේ ඉල්ලීම් මානුෂිකයි. මේ මානුෂික ඉල්ලීම් වෙනුවෙන් තරුණ තරුණයින් මිය යා යුතු නැහැ.

  • අශෝක හඳගම

FB පිටුවෙනි

Photo : from internet

Leave a Reply

Your email address will not be published.