ගාළුමුවදොර ජන විරෝධයට අත නොතබනු…! – ශ්‍රී ලංකා නීතීඥ සංගමය

ගාළුමුවදොර ජන විරෝධයට අත නොතබනු…! – ශ්‍රී ලංකා නීතීඥ සංගමය

ගාළුමුවදොර සාමකාමී ජන විරෝධතාව අනීතික ලෙස විසුරුවා හැරීමේ උත්සාහයක් ඇති බව විශ්වාස කටයුතු මාර්ග ඔස්සේ තම සංගමයට දැන ගන්නට ලැබී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

ගාළුමුවදොර දෙසට ඇදෙන පොලිස් ට්‍රක් රථවල ඡායාරූප සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වී තිබුණු බව පවසන එම සංගමය, ජනතාව ඒ පිළිබදව දැනුවත්වීමත් සමග, දැන් එම ට්‍රක් රථ ඉවත්කරගෙන ඇති බවද පවසයි.

කෙසේ වෙතත්, සාමකාමී මහජන උද්ඝෝෂණය විසුරුවා හැරීමට කටයුතු නොකරන ලෙසත්, එය ඉතා අහිතකර ප්‍රතිඵල අත්කරදෙනු ඇති බවටත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයට අනතුරු හගවයි.

Leave a Reply

Your email address will not be published.