අරගලයට නිවැරදි ඉලක්කයක්

අරගලයට නිවැරදි ඉලක්කයක්

ලෝකෙ දේශපාලන අරගලවල ජයග්‍රහණයක් වේනම් ඒක අවසාන විග්‍රහයේදී ජයග්‍රාහී වෙන්නෙ නිසි ඉලක්ක එක්ක කලොත් පමණයි..ස්වාධීන මහජන අරගලවලට යන්න පුලුවන් දුර ගැන නිශ්චිත අවබෝධයක් තියෙනවා නම් හොඳයි . බොහොවිට ඒක වෙන්නෙ නෑ. ඔය ගෝල්ෆේස් අරගලය ස්වාදීනයි කියන අයට ඊලඟට තෝරන්න පුලුවන් අරගලයේ ස්වභාවය මොකක්ද ?

රාජපක්ෂලා දාලා යනවා කියන එක සරලවට අරං ගෝල්ෆේස් නැංගුරම් දැම්මා නම් දැන් තේරෙන්න ඕන , ඒක එහෙම වෙන්නෙ නෑ කියලා… රාජපක්ෂලා උනත් මුලදී ගත්තේ නොසලකාහැරිය යුතුයී මට්ටමෙන්. ඊටපස්සෙ මඩගැහුවා , කොන්ඩම් කතා කිව්වා, බඩ වෙන කතා කිවුවා ,ඊටපස්සෙ ආගමික අන්තවාදීන් ලවුවා බියවැද්දුවා. ඊටපස්සෙ අගමැති ලවා බියවැද්දූවා … දැන් සාකච්ඡාවට එනවා ..ඊලඟට පාලකයා කරන්න ඉන්නේ මොකක්ද දාලා යයිද. දාලා ගියොත් හොඳයි නොගියොත් ???

පාලකයා යන්නේ නැත්නම් ඌව පන්නන්න වෙනවා.. ඒකට ඔය ගෝල්ෆේස් අරගලය පමණක් ප්‍රමාණවත් වෙනවානම් හොඳයි .පැහැදිලියි නියමයි. ඉතිහාසයේ ලියැවෙනවා.. නමුත් එසේ නොයන්නේ නම් ??

යන්නේ නැත්නම් පන්නන්න වෙනවා. පන්නන සටනට කලින් මහජනතාවගේ අරගලය පාලකයා සලිත කරන එකක් වෙන්න නම් සියලුම වෘත්තිය සටන් අරගල, වැඩවර්ජන උද්ඝෝෂණ මෙහෙයවෙන්න ඕන. ඒකට ගෝල්ෆේස් අරගලයට සමගාමීව වෙනත් අරගල සටන් ඕකට බද්ධවෙන්න ඕන.

එහෙම නැතුව අරගලය දිනන්න පුලුවන් නම් හොඳයි . පුලුවන් වෙන එකක් නෑ.මෙයාල මේරටට මොනවා උනත් බලය අතාරින්න සූදානම් නෑ..

අන්න ඒකට අවශ්‍ය පරිවාර බලමුලු ගන්වන්න පුලුවන් හැකියාවක් ඇති සියල්ලම එක මිටකට ගේමු. අරගලය ජයග්‍රාහීව කෙලවර කරමු.

ස්වාධීන ලයින්වලින් මේක ගොඩදාන්න පුලුවන් කියලා හිතන අයට මේක කරගන්න ඕන කමක් නෑ. අරගලය අල්ලං යන්න බැරිවෙන තැනකට තල්ලුවුනාම දියකරන්න පාලකයාට පුලුවන් . ඒවගේ නිශ්චිත ඉලක්ක නැති අදේශපාලනික උන්දලා මේකෙ නායකත්වය ගන්නවා දකින්නයි පාලකයාට ඕන.

ගෝල්ෆේස් අරගලයට එහෙමවෙන්න දෙන්න එපා. ඒ තරුණ ඉල්ලිම් හයිජැක් කරලා දේශපාලන වාසිවලට විකිනෙන්නෙ දෙන්නත් එපා.. සංවිධාත්මක රටපුරා විහිදෙන එකම අරගලයක් , පොදු ඉලක්කයක් නැති වීම සමහරු අපේක්ෂිත ඉලක්කයක් වෙන්නත් පුලුවන් .🙏🙏

copied

Leave a Reply

Your email address will not be published.