සිරිසේන “විනය තකා” කරන වැඩ.. මේ ඉන්න ටිකේවත් කුණුහරුපයක් නොවී ඉන්න..!

පොහොට්ටු සම්මේලනයට සහභාගී වූ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හර විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ජනාධිපති සිරිසේන විසින් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර හට දුරකථනයෙන් කතා කර උපදෙස් ලබා දුන් බව මාධ්‍ය වාර්තා පලවේ.

විනය ක්‍රියාමාර්ග ගැන කතා කරන ජනාධිපති සිරිසේන එසේ නම් මුලින්ම සිදු කළ යුත්තේ පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් පිරිසට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමයි.එසේ නොකර ජනතාව ගොනාට අන්දවන්න පොහොට්ටු සම්මෙලනයට සහභාගී උන මන්ත්‍රී වරු පමනක් අල්ලගෙන ඩෙගා නැටිම තවත් විහිළු සපයන්නකි.

නිදහස් පක්ෂයෙන් තරඟ වැදී පාර්ලිමේන්තුව නියෝජනය කරන 48 කට ආසන්න මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනවිටත් පොහොට්ටු පක්ෂය නියොජනය කරයි.එහෙත් ඔවුන් පාර්ලිමේන්තුවේ රැදි සිටින්නේ නිදහස් පක්ෂයේ නියොජිතයන් ලෙසය. එසේ නම් ව්‍යවස්ථාව අනුව මොවුන්ගේ මන්ත්‍රී දූර අහොසි කිරිමට නිදහස් පක්ෂයට හැකියාව තිබේ.

ජනාධිපති සිරිසේන කළ යුත්තේ මෙම තක්කඩි හොරු රැල පාර්ලිමේන්තුවෙන් එලවා දමා අලුත් තරුණ වැඩ කල හැකි පිරිසක් පාර්ලිමේන්තුවට පත් කිරිමයි. ජනාධිපති සිරිසේන එසේ සිදු කලහොත් එක එක ගැල විජ්‍යා සිදු කිරිමට වත්, ගේම් ගැසිමට වත් අවශ්‍ය වන්නේ නැත.එවිට ජනතාව සිරිසේන කෙරෙහි යළිත් වරක් සලකා බලනු නියතය. ජනාධිපති සිරිසේන මෙම එලවා දැමිම මහින්ද රාජපක්ෂගෙන්ම ආරම්භ කල යුතුව තිබේ. එයට කිසිදු බදාවක්ද නැත. මහින්ද රාජපක්ෂ දැන් වෙනත් පක්ෂයක (පොහොට්ටුවේ) නායකත්වය බාරගෙන අවසන් ය.

එසේ නොකර ජනාධිපති සිරිසේන තවත් ගේම් ගහන්නේ නම්, මාධ්‍ය සංදර්ශන පවත් වන්නේ නම් හුදෙක් ඒ සියල්ල පළක් නැති කවට අන්දරෙගෙ චරිතය ජනාධිපති සිරිසේන විසින් ඉදිරිපත් කිරිමක් වනු ඇත.ඉන් එහාට කිසිවක් සිදු වන්නේ නැත.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: