සජිත්ට තියෙන ලොකුම හයිය මංගල..!

සජිත් රැල්ල පසුගියදා ඌව වෙල්ලස්සෙන් ආරම්භ වන්නේ හරීන් ප්‍රනාන්දුගේ මුලිකත්වය ඇතිවය.ඉතා සාර්තකව එම රැල්ලට විශාල ජනතාවක් එක්වී තිබිනී.ඊළඟ සජිත් රැල්ල ජාත්‍යන්තරය කරා ගෙන යාම මංගල සමරවීර බාරගෙන තිබෙන බව සහතික වන්නේ ලබන 23 වන්දා මාතොට පැවැත්වීමට නියමිත දෙවන සජිත් රැල්ල වේදීකාව නිසාවෙනී.

රටක ජනාධිපති හට විදේශ සම්බන්ධ කම් අනිවාර්යයෙන්ම තිබිය යුතුය.විශේෂයෙන්ම විදේශ රටවල් වල සහයෙන් පසුවන ශ්‍රී ලංකාව වැනි රටකට එය අත්‍යවශ්‍ය කාරනයකි.රට තුල මොන රැල්ලක් ගොඩ නැගුනත් මේ වන විට ඇතිවී තිබෙන ඒ රැල්ලේ ප්‍රධාන ඔරු දෙකටම(සජිත්/ගොඨා) ජාත්‍යන්තර වශයෙන් සහයක් නැත.සජිත් බය නැතුව ජනාධිපති සටනට බැස්සේ මංගල සමරවීර ගේ හයිය නිසා බව සදහන් කල යුතුමය.

මෙම දෙදෙනා අතරින් ගොඨාභය රාජපක්ෂ හට ජාත්‍යන්තර සහය ලබා ගැනීම සදහා NGO මිලින්ද මොරගොඩ කටයුතු කරයි.ඒ වගේම සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මංගල සමරවීර කටයුතු කරන බවට සහතිකයක් ලැබෙන්නේ ඊළඟ සජිත් රැල්ල තැනීමේ දෙවන වේදිකාව මාතර පැවැත්වීමට මංගල සමරවීර ප්‍රමුඛත්වය ගැනීමත් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ගෙන ඒමේ වගකීම පවා මංගල සමරවීර කරට ගැනිමත් නිසාය.

රාජපක්ෂ කදවුරට වඩා ජාත්‍යන්තරයේ සහය දිනාගෙන තිබුනේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ යි.එම හේතුව නිසාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සිටියේ මහත් උඩකු කමකින්‍ ය.රනිල්ට වඩා කෙරුමෙක් නැති ගානටය.එහෙත් එම උඩගු කම බිද දැමිමට මේ වනවිට මංගල සමරවීර සමත්වී ඇති බව වාර්තා වේ.එම නිසා එක්සත් ජාතික පක්ෂය තුල රනිල් පවත්වාගෙන ගිය එකාධිපති ක්‍රමය බිද වැටි ඇති බවක් පෙනේ.මේ වන විට සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසදා ගැනීමට ඉඩ දීමට රනිල් වික්‍රමසිංහ හට සිදුව ඇත.මංගල සමරවීර නිසා රනිල් වික්‍රමසිංහ බියක් ඇති කරගෙන තිබෙන බවක් මතු පිටින් නොපෙන්නුවත් ඇතුලතින් තිබෙන බවක් සිදුවන ක්‍රියාවලිය දෙස බැලිමෙන් පැහැදිලි වේ.

ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර සම්බන්දකම් ජාලය පවතින්නේ චන්ද්‍රිකා බන්ඩාරනායක හිටපු ජනාධිපති තුමිය සතුවය.චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග හරහා චන්ද්‍රිකාට පසු ජාත්‍යන්තර සම්බන්ධකම් ගොඩනගා ගන්නා පුද්ගලයා වන්නේ මංගල සමරවීර යි.

පසුගිය වසරේ ඔක්තොම්බර් 26 පිහිටවූ මහින්දගෙ දින 51 කේ හොර ආණ්ඩුව පරාජය කිරීම සඳහා ජත්‍යන්තරය මෙහෙයුම් දියත් කලේ මංගල සමරවීර මිස අන්කිසිවකු නොවේ. රනිල් පවා මංගල සමරවීරගේ පිටුපසින් සිටියේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ය.ඒ අනුව රනිල් මංගලගෙ තරම හොදාකාරවම දන්නා පුද්ගලයන් අතර සිටින තවත් එක පුද්ගලයකු පමනී.ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් රනිල් අඩියක් ආපස්සට ගන්නේ මංගල සමරවීර සජිත්ට එක්වීම ලොකුම ගැටලුවක් ඇති වී තිබෙන නිසාය.

මංගල සමරවීර හට රනිල් පමනක් නොව මහින්ද රාජපක්ෂලා පවා බියෙන් තැති ගැනී ඇත්තේ මංගල සමරවීර සතු ජාත්‍යන්තර සම්බන්ධ කම් පමනක් නොව රටතුල තිබේන සම්බන්ධ කම් ගැන පවා දෙශපාලන කරලියේ සිටින්නන් සියොල්ලෝම දන්නා නිසාවෙනී.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: