ශ්‍රී ලංකා පොලිසිය ව්‍යාජ පැමිණිලි සකස්කරන බව සනාත වේ..!

එළිවන ජාමයට හොද හොද සෙල්ලම් කියා සමාන්‍යය ගැමි වහරේ කියමනක් ඇත.එම කියමං කට කහනවාට කියපු දෙවල් නොවන බව රටක් අවුලවපු කුරුණෑගල ගෑනු 4000ක් වඳ කළ බැව් කියැවුන ගෙතු කතාවේ සුල මුල දැන් හෙළිදරව් වී ඇත. මුල සිටම මෙම කතාව ගොතපු ගොං වහන්සේලා හත්පලේ ගාගෙන ඇත.

ගෑනු 4000ක් වඳ කළ බවට බොරු චොදනා එල්ල කරමින් ෂහාබ්දීන් සාෆි අත්අඩංගුවට ගන්නේ මැයි මාසයේ අග භාගයේදි ය.එසේ ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුව සෙල පොලිසිය වාර්තා කර තිබුනේ වෛද්‍යවරුන් හතර දෙනෙකු කුරුණෑගල පොලිසිය හමුවේ පැමිණිලි කල නිසා බවයි.

පසුව මෙම පරික්ෂණ මසකට වැඩි කාලයක් ගත කරමින් ඉදිරියට ගලා යන්නේ අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහාය.

ඒ අනුව අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව  විසින් කුරුණෑගල පොලිසිය වෙත පැමිණිලි කර ඇතැයි කියන වෛද්‍ය වරු හතර දෙනා අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ප්‍රශ්න කිරිම සිදු කර ඇත්තේ ඒ වනවිට අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබු දත්ත කිසිවක් ඔවුන් සතුව ඇති බව අගවන්නේ නැතිවය.

මෙම වෛද්‍ය වරු හතර දෙනා බාරගත් කොන්ත්‍රාත්තුව නිසි ආකාරව ඉටු කල යුතු නිසා ඔවුන් විසින් අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව  විසින් කරන ලද ප්‍රශ්න කිරිම් හමුවේ මෙම වෛද්‍ය වරු එම පැමිණිලි කල බව පිළිගෙන ඇත.

එහෙත් කිසිම විටක එම වෛද්‍ය වරු හතර දෙනා විසින් ප්‍රකාශ කර නැති දෙයක් අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබුනී. එනම් අනිතික ලෙස අත්අඩංගුවට ගත් ෂහාබ්දීන් සාෆිව අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම වෛද්‍ය වරු හතර දෙනා විසින් යම් පුද්ගලයකුගේ උවමනාව උඩ සාෆි වෛද්‍ය වරයා අත්අඩංගුවට ගෙන දින දෙකකට පසු පොලිසියේ ගොස් පැමිණිලි කල බවයි.

කෙසේ හෝ රාජකාරි නිපුනතාව උඩ CID නිලධාරීන් විසින් මෙම වෛද්‍ය වරු ඔවුන්ගේ ප්‍රකාශ සිදු කර අවසන් වූ පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුරකථන දත්ත වාර්තා තක්කඩි වෛද්‍ය වරු හතරදෙනා හමුවේ තැබීමෙන් අනතුරුව මෙම තක්කඩී වෛද්‍යවරු හතර දෙනා පාපොච්ඡාරණය කරමින් සඳහන් කර ඇත්තේ තමන් එම ප්‍රකාශ ලබා දුන්නේ සාෆි වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමෙන් දින දෙකකට පසුව ගම්පහ ප්‍රදේශයේදී බවය.

මේ අනුව සාෆි වෛද්‍යවරයාව කුරුණෑගල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මොනම ආකාරයේ වත් පැමිණිල්ලකින් තොරව හුදෙක් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ වුවමනාව අනුව බවත් පසුව එය වසන් කිරීම සඳහා අධිකරණය ඇතුළු සමස්ත නීති පද්ධතියම නොමඟ යවන ආකාරයෙන් ව්‍යාජ දින සහ ස්ථාන යොදා පැමිණිලි සකස් කරගෙන ඇති බවත් ඔප්පු වී තිබේ.

ප්‍රශ්නය වන්නේ මෙවන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු තවදුරටත් තනතුරේ හිඳිනවා පමණක් නොව මේ සියල්ලෙන් පසුවත් ඔහුට කුරුණෑගල දිස්ත්‍රික්කයට අමතරව පුත්තලම දිස්ත්‍රික්කය ද පවරා දී තිබීමය. මෙවැනි නිලධාරීන්ගෙන් ජනතාවට යහපතක් සිදු වේ යැයි සිතිමට වත් හැකියාවක් තිබේද..? මෙම DIG විසින් සාමාන්‍ය ජනතාවට කොපමන බොරු චොදනා සිදු කර ඇති ද..? එපමනක් නොව ලංකාව තුල සෑම පොලිස් ස්ථානයකම මෙවැනි සිදුවීම් සිදුවන බව කුරුණෑගල DIG ජයලත් විසින් සනාත කර හමාරය.

එසේම අවනීතිය රජ කරවන නිලධාරීයකු වන DIG ජයලත් විසින් රටම ලේ විලක් කිරිමට උත්සහ කල බව දැන් තහවුරු වී ඇත.එසේ තහවුරු වී තිබියදීත් එවැනි තක්කඩි DIG ලා බන්ධනාගාර ගත කිරිම වෙනුවට කර ඇත්තේ කුරුණෑගලට දිස්ත්‍රික්කයට අමතරව පුත්තලම් දිස්ත්‍රික්කයත් මෙම තක්කඩි DIG ජයලත් ‍යටතේ පාලනය කිරිමට කටයුතු කිරීමයි.

අන්තවාදයේ ගිනිදැල් අහස උසට ගෙන ගිය තක්කඩීයන්ට නීතිය ක්‍රියාත්මක නොවී උන් නිදැල්ලේ සිටි. නීතිය බල්ලට ගිය සමාජයක රටක් ගොඩ ගන්නේ කෙසේද..? එහෙවු රටක පාලකයා උගේ වාසිය තකා සියල්ල සකසා ගන්න අතර රට ගැන කිසිදු තැකිමක් සිදු කරන්නේ නැත.ශ්‍රී ලංකාව මේ ගමන් කරමින් තිබෙන්නේ ගොඩ ඒමට බැරි අගාධයකට ය.එපනක් නොව එල්ලුම් ගස හතර දෙනකුට සීමා වුවක් නොව, සුව හසක් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ගෙලට තොන්ඩුව දැමිමට ජනාධිපති සිරිසේන විසින් දැන් කටයුතු සිදු කර අවසන් ය.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: