ශ්‍රි.ල.නි.පක්ෂය විනාශ කලේ සිරිසේන..! එකසත් ජාතික පක්ෂය විනාශ කරන්නේ සජිත්…!

රනිල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර දැමිමේ පළිය ජනාධිපති සිරිසේන දූර කාලය අවසන් වීමට පෙර සපත කර ගැනීමට ආසන්නය.එහි ප්‍රථිපළය ලෙස සජිත් ප්‍රේමදාස සිරිසේනගේ ඇමට ගොදුරක් වී අවසන් ය.

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරිම උදෙසා රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කල උපාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරිමයි.එහි පළමු පියවර ලෙස රනිල් වික්‍රමසිංහ ඩැහැගන්නේ රාජපක්ෂ කදවුරෙ පහරන්නට වැල්ලක් වත් නොතිබුනු ශ්‍රි ල නි ප මහ ලේකම් බල ලෝබී මෛත්‍රීපාල සිරිසේනවයි. ජනාධිපති වීමේ ආශාව මත ආප්ප කා මහින්දට පස්ස පෙන්නා සිරිසේන ඒ අනුව 2015දි එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා විය.රනිල් වික්‍රමසිංහගේ පළමු පියවර සාර්තක විය.

ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ දෙවන පියවර ලෙස නිරූපමා රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා හරහා බැසිල් රාජපක්ෂ ගෙන්වා ශ්‍රී ල නි ප සුනු විසුනු කිරිමෙ දෙවනි අදියරය වශයෙන් රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත බැසිල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂය පිහිටුවයි. නොසිතු විරු ලෙස පොහොට්ටු පක්ෂය පොල්ලෙල්ල ලකුණක් පවා යොදා ගනිමින් ප්‍රාදේශිය සබා විශාල ප්‍රමානයක් දිනා ගැනීමට සමත් උයේ ශ්‍රී ල නි පක්ෂයට අන්ත පරාජයක් ගෙන දෙමිනී.

සිරිසේන එකට එක කිරිම

කෙමෙන් කෙමෙන් සියල්ල තෙරුම් ගත් ජනාධිපති සිරිසේන එතැන් පටන් රනිල් වික්‍රමසිංහට වෛර බැඳීමට පටන් ගනේ ඒ අනුවය.එහි ප්‍රථිපලයක් ලෙස ජනාධිපති සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව විසින් සිදු කරන සියළු කටයුතු අඩපණ කිරිමට කකුලෙන් අදින්න පටන් ගත්තේ වෙඩි කාපු ඌරකු ලෙසය.

ඉන් නොනැවති ජනාධිපති සිරිසේන 2018 ඔක්තොම්බර් 26 රනිල් වික්‍රමසිංහ අගමැති දුරයෙන් එලවා දමන්නේ උත්තරීතර ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත් කරමින්‍ රාජපක්ෂ තක්කඩි රැල නීතිවිරෝධී ලෙස ඇමති දූර වලට පත් කරමින් ය. එහෙත් ජනාධිපති බලතල බාවිතා කරමින් එම ආණ්ඩුව ඇදගෙන යාමට හැකි උයේ දින 51 එකක් වැනී කෙටි කාලයක් පමනී.එම කෙටි කාලය තුලදි උවත් පත් වු හොර ඇමති මංඩලය තම සුපුරුදු ජනතා මුදල් ගසා කෑමට අමතක කලේ නැත.

රාජපක්ෂ 2015 ගෙදර යාමට පෙර සිදු කල වැඩ වල හිග මුදල් හිටපු ඇමති තක්කඩියන්ට ලබා ගැනීමට නොහැකි වූ බැවින් දින 51 එක ඇතුලත එම මුදල් සියල්ල නැවත ලබා ගැනීමට හොර අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු හොර ඇමති නඩය ක්‍රියා කලේය.

අධිකරණය හරස්විම හෙතුවෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කල හොර නඩයට නැවත සියල්ල අතහැර යාමට සිදුවිය.සිරිසේනගේ එම උත්සහය ව්‍යාප්ත වීමත් සමගම සිරිසෙන තවත් රනිල් වික්‍රමසිංහ හට වෛර කරන්නට විය.

කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂය දියකර හැරිම සිදු කල යුතු යැයි සිතන ජනාධිපති සිරිසේන දෙවන පියවර ලෙස සජිත් ප්‍රේමදාස ඇතුළු මැති ඇමති වරුන් පිරිසක් ඩැහැ ගන්නේ ඒ අනුවය.

එම මැති ඇමති වරුන් හට රනිල්ගෙන් එක්සත් ජාතික පක්ෂයේ බලය ඩැහැ ගැනීම සදහා යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ මහ බැංකු ගණුදෙනුවට සම්බන්ධ තක්කඩි රැලකගේ පරික්ෂණ වාර්තා අතට ගෙන ජනාධිපති සිරිසේන විසින් ඔවුන්ව බිත්තියය හේත්තු කර සජිත් ප්‍රේමදාස හට සහය ලබා දෙන ලෙස නියොග ලබා දී ඇත.ඒ අනුව ඔවුන්ගේ සහය සජිත් ප්‍රේමදාස හට ලැබි ඇත.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ බලය රනිල් සතු වන්නේ කෘත්‍යාදීකාරී මණ්ඩලයේ වැඩි බලයක් පැවතීම නිසාය.ජනාධිපති සිරිසේන ඊළඟට සිදු කරන්නේ රනිල්ගේ පාසල් මිතුරා වන ලංකාවට ලැබුනු ආයෝජන පවා හරවා යැව්, කොමිස් කාක්කා වන මලික් සමරවික්‍රම,කබීර් හසීම් වැනී තක්කඩි රැල කල කී තක්කඩි කම් ගැන සොයා බලා එවායෙන් මිදිමට නම් ජනාධිපති සිරිසේන කියන දේ සිදු කල යුතුයි යන බ්ලැක්මේල් කිරිම හරහා සජිත් රැල්ල කෙමෙන් කෙමෙන් ශක්තිමත් වී කෘත්‍යාදීකාරී මණ්ඩලයේ බලය සජිත් වෙත මේ වනවිට හැරි තිබේ.

සිරිසේනගේ උත්සහය ටිකෙන් ටික සඵළ වෙමින් තිබෙන බවක් පෙනේ.එහි ප්‍රථිපලයක් ලෙස නුදුරේදීම නැවත වරක් රනිල්ගේ පුකට පයින් ගසා අගමැති පුටුවේ සජිත් ප්‍රේමදාස වාඩි කිරිමට සිරිසේන කටයුතු කරණු ඇති බවට අභ්‍යන්තර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ශ්‍රි ල නි පක්ෂය සුනු විසුණු කලා සේ. ජනාධිපති සිරිසේන විසින් මේ වන විට එක්සත් ජාතික පක්ෂය සුන්නත්දූලි කර සමතලා කිරිමේ කටයුත්ත ඉතා සාර්තකව සිදුකරමින් සිටි.

ශ්‍රී.ල.නි පක්ෂය විනාශ කිරිමේ වගකීම ජනාධිපති සිරිසේන සතු වන අතර එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමේ වගකීම ඉදිරියේදි සජිත් ප්‍රේමදාස සහ වටේ සිටින ඇම්බැට්ටයන් හට බාර ගැනීමියට සිදු වනු ඇත.

සිරිසේන බල තන්හාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කල අතර එක්සත් ජාතික පක්ෂයේ බල පෙරේතයා වන සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය නුදුරේදීම විනාශ මුඛයට ඇද දමනු ඇත.

LW

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: