විමලේ ..විමලේ.. කෝ මේ විමලේ…

ඉදිරි වසර දෙක තුළ ජනතාවට සහන ලබාදීමට රජය අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමත් සමගම මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ බඩගෝස්තරවාදීන් කලබල වී ඇත. පසුගියදා පාර්ලිමේන්තුව තුළ විමල් වීරවංශගේ හැසිරීම සමග එළියට පැමිණ ඇත්තේ මහිනදලා විසින් රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරිමේ පලමු පියවර බව දේශපාලන විද්වතුන් පිරිසක් පවසයි.

ජනතාවට සහන දීමේ වැඩ පිළිවෙළක් ලෙස ගම්පෙරලිය,enterprises srilanka වැනී ජනතාව අතට මුදල් ලබා දීමේ වැඩ පිළිවෙළක් මේ වන විට රජය විසින් ආරම්භ කරන ලදී එමගින් කුඩා ව්‍යාපාරිකයන් නගා සිටුවීම ප්‍රධාන අර්මුනක් වී ඇත.එමගින් අපනයනය වැඩි කොට රට ස්ථාවර ආර්තිකයක් කරා යාමේ ක්‍රියාදාමය මේ වන විටත් රජය සැලසුම් කර ඇත.

රාජපක්ෂලා කලබල වී ඇත්තේ ජනතාවට සහන ලබා දී ජනතාව සතුටින් සිටියහොත් රාජපක්ෂලාගේ සහ බත් බැලයන්ගේ කටු ලොල්ලන්ගේ බඩගොස්තරවාදී දෙශපාලනය මුලුමනින්ම ජනතාව විසින් අතුගා දමන බව මහින්ද රාජපක්ෂ ඇතුලු නඩය හොදින්ම දන්නා බැවින්ය.එබැවින් මහින්ද රාජපක්ෂ විසින් විමල් වීරවංශ “ජනතා විමුක්ති” පෙරමුනෙන් ලබාගත් වසර 17ක අත්දැකීම් මේ වන විට උරගා බලමින් සිටි.

රාජපක්ෂලා බඩගොස්තර වාදින් බව අප අමුතුවෙන් කිව යුතු නැත.රට පාවා දී කොමිස් ලබාගෙන තම දූ දරුවන් දලාදා මාලිගාව ඉදිරිපිට රුසියන් කාන්තාවන් හෙලුවෙන් නටවා හමුදා සෙබලුන් ලවා වැලිකොට්ට ඇද දලදා මාලිගාව වට රවුමේ රෙස් පැද ඇත්තේද මහජනතාවගේ මුදල් වලින් බව අමුතුවෙන් කිව යුතු නැත.මේ වන්විට රාජපක්ෂවරු විසින් ලබා ගත් කොමිස් ගැන විදේශ මාධ්‍යවේදීන් පවා අනාවරන කිරිමට තරන් සිංහල බෞද්ධ පමනක් නොව සියලුම ජනතාවට ලැජ්ජාවකී.අඩුම තරමින් එම කරුනු වලර ප්‍රතිචාර ලබා දීමටවත් රාජපක්ෂලාට හැකියාවක් නැත.රාජපක්ෂ බැටැනියන් එක විසින් ලබා ගත් කොමිස් සමග ණයද උපදින්නට සිටින ළදරුවාට පවා ගෙවන්නට සිදුව ඇත්තේය.වසර විස්සක් රට පලනය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නොවේ එය ඔබට 1994 සිට 2015 වන තෙක් රට පාලනය කලේ කවුරුන්ද කියා ගනන් බලාගත හැකිය.2004 සුනාමී ආධාර ගසා කෑ පාපතරන් හට රටේ ජනතාව ගැන දැන් පුදුමාකාර කැක්කුමක් ඇතිවී ඇත.

පසුගියදා තුන්මුල්ලේ විමලේ පාර්ලිමේන්තුව තුල යකා නැටුවේ නිකන් නොවේ.විමලේ ක්‍රියාත්මක කලේ මහින්ද රාජපක්ෂලාගේ සැලැස්මකී.යහපාලන රජය ජනතාවට සහන ලබාදීම ඇරබීමත් සමග හොරුන් සියලුදෙනාම කලබල වී එම වැඩ පිළිවෙළ කඩා කපපල් කිරිමට ගත් තවත් එක් බොලද උත්සහයක් බව දෙශපාලන විශ්ලේෂකයන් විසින් පෙන්වා දී ඇත.

රාජපක්ෂලා කලබලවි බියට පත් වූ විට වටේ සිටින චොදනා ලබා සිටින තුන් මුල්ලේ විමලේලා වගේ උදවිය කලබල වන්නේ ඔවුන්ට එල්ල වී ඇති චොදනා සනාත වී මහ උලුගෙදර ලගින්නට නියත වශයෙන්ම සිදුවන බව හොදින් දන්නා නිසාය.විමල් වීරවංශ මාධ්‍ය ඉදිරියේ ජනතාවට පෙනෙන්නට එළියේ මොනවා කලත් වීමල් වීරවංශගේ දයාබර බිරිද ශෂී වීරවංශ නම් යහපාලන රජය ගැන පැහැදිලි අවබොදයකින් යහාපාලනය සමග වැඩ කරමින් සිටින බව රන්ජන් රාමනායක සමග කරන දුරකථන සංවාදය මාධ්‍යවෙත මුදා හැරිමත් සමග අත දරුවකුට උවද පැහැදිලි වන කරුනකී.

මෙවැනී පාපතර දෙශපාලුවන් පාර්ලිමේන්තුවට යවපු ජනතාවද මේවාට වගකිව යුතුය.තුන්මුල්ලේ විමලේ වැනි උදවිය පාර්ලිමේන්තුව තුල සිටිමට තරම් සුදුසු නැත එපමනක් නොව ලෝකයේ හරිහැටි අධ්‍යාපනක් නොලබා ඉතා සංවර ආදර්ශමත් ආකාරයට හැසිරෙන උදවියද ඔබ අප ඕනෑ තරම මේ සමාජයේ දැක ඇත.එහෙත් විමල් වීරවංශ නම් කිසිසේත් පාර්ලිමේන්තුව තුල සිටිමට සුදුසු පුද්ගලයකු නොවන බව පසුගියදා ඔහු විසින්ම ඔප්පු කර ඇත.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: