විජයග්‍රහණයේ සැමරුම මහින්ද රාජපක්ෂ ගූ කරයි..?

පොහොට්ටු සම්මෙලනයේදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කල ප්‍රකාශ වල ඇතැම් තැන් වල අඩු පාඩු ඇති බව කිව යුතුය.අප සිතුවේ අඩුම වශයෙන් රාජපක්ෂලා අතින් සිදු වූ වැරදිම් ගැන මතක් කර සමාව අයදි කියාය.එත් මහින්ද රාජපක්ෂ කතා කලේ ඔවුන්ගෙ අත් වල කුණු ගෑවී නැති පිරිසිදු දෑත් සහිත පිරිසක් ලෙසය.

මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කලේ මත් ද්‍රව්‍ය ජවාරම මුළුමනින්ම විනාෂ කළ හැකි පුද්ගලයා ගොඨා බවයි

මත් ජවාරම සහ පාතාලය විනාශ කල හැක්කේ රාජපක්ෂලාට බව මහින්ද රාජපක්ෂ අද දින පොහොට්ටු සම්මෙලනයේදි ප්‍රකාශ කලේ

රාජපක්ෂ පාලන සමයේ සිදු වූ සිදුවීම අමතක වී යැයි අපට සිතෙ.

01) කුඩු ජාවාරමට සහ පාතාලය සමග දුමින්ද සිල්වා
සම්බන්ධ නැද්ද..?දුමින්ද සිල්වා ආරක්ෂා කලේ
කවුරුන් විසින් කාගේ පලන සමයේද..?

භාරත ලක්ෂ්මන්ට වෙඩි තබන විට දිමින්ද සමග
හිටියේ පාතාල ප්‍රබලයන් නොවේද..?

02) මීගමුවේ නිමල් ලන්සාගේ ගේ මත්ද්‍රව්‍ය නාෂක
එකකය විසින් වැටලු අවස්තාවේ එම වැටලිම
නවතා දමා නිමල් ලන්සාව බෙරා ගත්තේ කවිද..?

03) කළුතර මෑත කාලයේදී වටලන ලද හොර අරක්කු
ස්කාගාරය කාගේද..?

04) හම්බන්තොට නගරාධිපති වසර පහකට හිරේ
යන්නේ කුමක් නිසාද..?

05) කුරුණෑගල නගරාධිපති බන්ධනාගාර ගතව
සිටින්නෙ පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඔහු සතු
මුදල් මංකොල්ල කෑමේ සිද්දියක් නිසාය.ඔහු
පොහොට්ටු පක්ෂයේ නෝවේද..?

06) සුදු වැන් මගින් උස්සන් ගියේ කාගේ පාලන
ස්මයේද..? එසේ උස්සන් ගියේ රාජපක්ෂලාට
විරුද්දව යන පාතාල නායකයන් නොවේද..?

කුණු කතන්දරේ ගැන කතා කරන මහින්ද රාජපක්ෂ 

01) එංගලන්තයෙන් ගෙනාපු කුණු කන්ටෙනර් 110ට අනුමැතිය ලබා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ දීය.

මාධ්‍ය නිදහස ගෑ කතා කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අමතක උන දෙයක් තිබේ…

01) ලසන්ත වික්‍රමතුංග ඝාතනය

02) ප්‍රදීප් එක්නැළිගොඩ අතුරු දන් කිරිම

03) කීත් නොයාර් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස
පහර දීම.
04) සිරසට ගිනි තිබේ කාගේ පලන සමයේද..?

05) සියත් සීල් තිබ්බේ කාගේ පාලන සමයේද..?

එම කිසිම දෙයකට රජයක් වශයෙන් මහින්ද රාජපක්ෂ කිසිදු පියවරක් ගත්තේ නැත.

ක්‍රිඩාව ගැන කතා කරන විට අමතක කල කතාව මතක් කල යුතුය..

01) තාජුඩීන් ඝාතනය කොට රිය අනතුරක් ලෙස පොලිස් පොත්වම සටහන් කර බල පුලුවන් කාර කම් පෙන්වීම.

උද්ඝොෂණ වලට පහර දීම් ගැන කතා කරන රාජපක්ෂට අමතක උන දේ..

01) රතු පස්වල වතුර ඉල්ලපු ජනතාවට වෙඩි තිබ්බේ
කාගේ අණක් අනුවද..?(රොෂේන්)

02) හලාවත දීවරයන් උද්ඝොෂණය කල විට වෙඩි
තියා මරා දැමුවේ කවුද..? (ඇන්තනී)

රාජපක්ෂ පාලන සමය තුල මෙවැනි දේවල් උන බව මහින්ද රාජපක්ෂ හට අද අමතක වී ඇත.රජයක් වශයෙන් මේවාට කත් පියවර කුමක්ද..? උපාදි දාරින්ට යහපාලන ආණ්ඩුව වතුර ගැසු බව පවසන රාජපක්ෂ එදා වතුර වෙනුවට භාවිතා කලේ උන්ඩයි. යහපාලන රජය උපාදීදාරින්ට වතර ගහපු එවාගේ වාසියනම් මේ වන විට ගොඨාභය රාජපක්ෂ හට ලැබි ඇත.

මුස්ලිම් ජනතාවට පල්ලියට යන්න බෑ කිව්වේ මහින්ද රාජපක්ෂ කටින්ද නැතිනම් වෙනත් තැනකින්ද..?

01)බොදු බල සේනාව කාගේ හස්තයකින් ක්‍රියාත්මක
ඌවක් ද..?

02) ගලගොඩඅත්තේ ඥාණසාර දර්ගා නගරයට පහර
දෙන්නේ රාජපක්ෂ පාලන සමයේදිය.

පාස්කු ප්‍රහාරය ගැන කියන රාජපක්ෂට නොකියන දේ..අප කිව යුතුය

01) ප්‍රහාරයට පෙර දැනුම් දීමක් ආරක්ෂක අංශ වෙත
ලැබුන බව පැවසුවේ නැද්ද..?

02) කොටහේන පල්ලියට යන ශිරන්ති රාජපක්ෂව
එදින පල්ලියට යැව්වාද..?

03) පල්ලියට යෑම වැලැක්වුයෙ පෙර දින සිට එම
ප්‍රහාරයට ගැන දන්න නිසා නොවේද..?

04) තව්හිද් ජමාද් සංවිධානයට පඩි ගෙව්වේ කවුරුන්
විසින්ද..? කාගෙ පාලන සමයේද ?

05) පවතින රජයක් හිතා මතා එවැනි ප්‍රහාරයක් සිදු
කර රජය අපහසු තාවයකට පත් කර ගනීද..?

06) එසේ රජය විසින්ම එවෑනි ව්‍යසනයක් කල පසු
ජනතාවට රජය ගැන පිළිකුලක් ඇති වන බව දැන
දැනත් එසේ සිදු කරයිද..?

මහින්ද රාජපක්ෂ කල කතාව අවාසිය සිදු වන්නේ ගොඨාභය රාජපක්ෂ හටය.මහින්ද රාජපක්ෂ හපන්න බැරි අත සිඹින නියාය අනු ගමනය කරමින් වක්‍රාකාරයෙන් ගොඨාභය රාජපක්ෂව අමාරුවේ දමා ඇත.මහින්ද රාජපක්ෂ කල සම්පුර්ණ කතාවම අසමත් ය.ඉහත සියල්ල අවධාරණය කල පසු රාජපක්ෂ ගේ කතාවේ කළු සුදු බාවය සිතා ගැනීමට ඔනෑම පුද්ගලයකුට හැකියාව ඇත.අද දින පොහොට්ටු පක්ෂයේ සම්මේලනයට සහභාගී වූ දේශපාලුවන්ගෙන් වැඩි හරියකට අධිකරණය හමුවේ නඩු ඇත පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ නිවස,ගොඨාභය රාජපක්ෂගේ කතරගම නිවස,ඩේසි ආච්චිගේ මැනික් මල්ල.එපමනක් නොවේ හිරේ විලංගුවේ ගිය තක්කඩි ඉස්සරහ තියාගෙන මහින්ද මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ කෙසේද.ඇතැම් උදවිය තවමත් බන්ධනාගාර ගතව සිටි.

නීති ගරුක සමාජයක් බිහි කිරිම ගැන කතා කරන මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිහා ඇස් දෙක පිහිදා බැලු විට අද කල කතාව අසමත් බව ඔහුටම වැටහෙනු ඇත.

ලංකාව තුල කරන තරමක් මජර වැඩ කර ඇත්තේ පොහොට්ටු නයකන් සහ උන්ගේ බත් බැලයන් ය.කොතරම් දූෂිත ද කියා කියනවා නම් බලය නොමැතිව ප්‍රාදේශිය නායකයන් අධිකරණය නියෝග උල්ලංඝනය කිරිමට පවා කටයුතු කරමින් සිටි.එසේ නම් රාජපක්ෂ බලයක් නැවත ස්ථාපිත වූ විට මහින්ද රාජපක්ෂ ඔය කියන නීති අරුක සමාජය බිහි කරන්නේ කෙසේද..?

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: