රනිල් අගමැති ලෙස… සිරිසේන පිළිගන්න සුදානම්…

පසුගිය (12) වනදා සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත වී පාර්ලිමේන්තුව තුල විශ්වාසය දිනා සිටින රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැමැත්ත පළ කර ඇති බව ජනාධිපති අභ්‍යන්තර ආරංචී මාර්ග සදහන් කරයි.

එහෙත් තමන් එම ආණ්ඩුවේ කොටස් කරුවකු වීමට අදහස් නොකරන බවත් ශ්‍රී ල.නී.ප.ය පක්ෂයක් ලෙස ඊට හවුල් නොවන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.එසේම තමන් රනිල් විරෝධී දේශපාලනයේ අඛන්ඩව යෙදෙන බවත් ඔහු පවසා තිබේ.ශ්‍රීලනිපයේ යම් කිසිවකු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ එම ආණ්ඩුවට සහය දෙන්නෙ නම් ඊට ඉඩ ලබා දෙන බවත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග නොගන්න බවත් ජනාධිපතිවරයා පැවසූ බවත් වැඩිදුරටත් සදහන්.

ඇත්ත වශයෙන්ම සිරිසේන රෙදි ඇදගෙන තවත් යහපාලනය සමග වැඩ කිරිමට හැකියාවක් නොමැත.සිරිසේන මින් පෙර පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස නැවත කිසිසේත් පිළිනොගන්නා බවත්, එසේ රනිල් අගමැති වන්නේ නම් පැය බාගයක් ඇතුලත සිරිසේන ජනාධිපති දූරයෙන් ඉල්ලා අස්වන බවයි.එසේ නම් මේ පැමින ඇත්තේ සිරිසේනගේ ඉල්ලා අස්වීමට වෙලාවයි.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: