මහ ලොකුවට පුරාජෙරු කියවන., බෞද්ධයන්ගේ රට..!

මහ ලොකුවට පුරාජෙරු කියවන බෞද්ධයන්ගේ රට ! මේක බෞද්ධ රටක් මේක බෞද්ධ රටක් කියාගෙන සුදු රෙදි ඇගේ පෙරවන් ඉන්න රට ! අපේ කම ,අපේ සංස්කෘතිය කියාගෙන පාරම්බාන රට ! අසන්නට ඇත්තේ එක දෙයයි.

පිරුවානා පොත් වහන්සේගේවත් කොතනක හෝ සටහන් වි ඇත්ද ,වසරකට වරක් රටට සෙත්ශාන්ති කිරිමේ අරමුණින් ,සංස්කෘතිය සුරැකීමේ අරමුණින් අහිංසක තිරිසන්සතුන් මහ පාරේ දිවා රැ නොබලා වීදි සංචාරය කිරිමෙන් රටට සෙතක් ශාන්තියක් උදාවෙන බව මොන බෞද්ධ පොතකද සටහන් වී ඇත්තේ ?? සත්ව හිංසනය මහ ලොකුවට පිටු දකින සියලු බෞද්ධයිනි , ඔබෙන් මෙලෙස අසමි….දිවා රැ නොබලා පෙරහැරක ගමන් කරන ඇතුන්ට මහන්සියක් නොදැනෙද ? කතා කර ගැනිමට නොහැකි එවන් තිරිසන් සතුන්ට මහන්සිය විඩාව දැනෙන විට එය දරාගෙන ගමන්කරනවා හැර වෙන කුමක් කරන්නද..? එ අතරින් යම් අසනිපතත්ව වල පසුවෙන ඇතුන් නොසිටිද? යම් කෙනෙක්ට මා සමග තර්ක කරන්න පුලුවන් ,පෙරහැරකට සහභාගි කරගන්න ඇතුන්ගේ සෞඛ්‍ය තත්වයන් පරික්සාබලා ඉන් අනතුරුව නිරෝගි ඇතුන් පමණක් ඉට සහභාගි කරගන්නා බව.

එ තර්කය එලෙස නම් දළදා පෙරහැරට සහභාගිකර ගත් ශරිරය ඉතා කෘශ වු කුමන හෝ රෝගි තත්වයක පසුවන ටිකිරි නම් ඇතින්න ඔහුන්ට මග හැරුනිද ??? නොඑසෙනම් මරණාසන්න වු තිරිසන් සතෙකුගෙන් හෝ අපේ සංස්කෘතිය රැකගැනීමට සිතුනිද? අද වන විට මේ ඇතින්න ජිවිතයත් මරණයත් අතර සටනක යෙදිලා..දළදා නිලමේතුමනි , ඔබේ තේජස මා දකින්නේ ඔබ ඔටුනු පලදා රත් පලසවල් මත ගමන් කර තැන නොවේ..වටිනාම රෙදිපිළිවලින් සැරසි සමාජයේ ඔබ ගරුබුහුමන් වලට ලක් වෙන තැනද නොවේ…ඔබේ හදවත මතය…අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැදැරු ධර්මය ඊට කොතෙක් ඇතද..?

PM

 

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: