මන්ද බුද්ධික වහල් ජනතාවක්…?

හොරාකාපු බව ඇස් ඉදිරියේ පෙනි පෙනී වහල්ලු වගේ තවත් උන්වම ඉල්ලන මන්ද බුද්ධික වහල් ජනාතවක් සිටින තාක් මේ රට ගොඩ ගැනීමට හැකියාවක් නැත.

සුරිය වැව හදපු ක්‍රීඩා පිටියෙන් පවා ගසා කාපු බව කෝප් කමිටුව හමුවේ හෙළිදරව් විය. එහෙත් මන්ද බුද්ධික වහල් ජනතාවට අනුව රාජපක්ෂලා එසේ කර නැත.එහෙත් එවා අද ගෙවන්නේ වත්මන් රජය උවත් රටේ ජනතාවගේ බදු මුදල් වලිනී.අඩුම තරමින් මෙම සරල දේ වත් තෙරුම් ගැනිමට බැරි තරම් ජනතාව මන්ද බුද්ධික වහල්ලුන් වී තිබේ.‍සුනාමී මුදල් පවා හොරා කාපු උන් පාරේ යනවිට අමුඩ ලේන්සුව අතට අරගෙන කානුවට බහින්න තරම් වහල්ලු බවට පත්ව තිබේ.දෙකට තුනට නැවි සර් කියන්න තරම් වහල්ලු බවට පත්ව තිබේ.

ඇතැමුන්ගේ ඩීල් දේශපාලන හෙතුවෙන් හොරුන්ට දඬුවම් කිරිමට නොහැකී වී නීතිය නැවිම හේතුවෙන් ජනතාව සිතන්නේ රාජපක්ෂ පාලන සමයේ වංචා දුෂණ සිදුවී නැති බවයි.එහෙත් සත්‍යය එය නොවේ. තක්කඩියන් රිසිසේ ගසා කෑමට කටයුතු කර ඇත. බොහොම සරලය රාජපක්ෂ අද ආසියාවේ කෝටිපතියන් අතර වැජඹෙන පුද්ගලයෙකි. එහෙත් රාජපක්ෂගේ සුනාමියට පෙර වත්කම් හෙළිදරව් කිරිමට හැකිද..? අද තිබෙන වත්කම් හෙළිදරව් කිරිමට හැකියාවක් තිබේද..? එම මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරිමට හැකිද..? ඒ හිටපු ජනාධිපති මහින්දගේ වත් කම ගැන ප්‍රශ්නයයි.

ඒ වගේම වත්මන් පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ප්‍රොඩාබය නොහොත් ගොඨභය තම අයියා ජනාධිපති වූ පසු ලංකාවට පැමිණෙන්නේ ඩොලර් 10,000ක් පමනක් රැගෙන බව වාර්තා වේ. එසේ නම් අද විනය ගරුක සමාජයක් බිහි කිරිමට ඇප කැප වන බව කියන ප්‍රෝඩාබයගේ දැන් වත්කම් හෙළිදරව් කිරිමට ඔහුට හැකියාව තිබේද..? එම මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරිමට හැකියාව ඔහුට තිබේද..?

අද කිඹුල් කදුළු හෙළන රාජපක්ෂලා කියන විනය ගරුක සමාජය බිහි කරන්නේ කෙසේද..? ප්‍රෝඩාබය 2005 ජන්ද නාම ලේඛනයට පවා ව්‍යාජ ලෙස ඇතුල් වී ඇමරිකන් පුරවැසිභාවය සහිතව නීතී විරොදී ලෙස ජන්දය බාවිතා කරපු පුද්ගලයෙකි. තමා ආරක්ෂක ලේකම් ලෙස කැබිනට් අනුමැතියකින් තොරව අමෙරිකාව සමග SOFA ගිවිසුම අත්සන් තැබු පුදගලයා ය. උද්ඝෝෂණයක් අතරතුරදී විමල් වීරවංශගේ දුරකථනයට ඇමතුමක් ලබා දී එම උද්ඝෝෂණ අවස්තාවේ එතනට පැමනී පොලිස් නිලධාරීයාගේ අම්මා අප්පා මතක් කලේ අද විනය ගරුක සමාජයක් බිහිකරන්න කතා කරන ප්‍රෝඩාබය (ගොඨාභය) විසිනී. ඔහුට විරුද්දව ඇති චොදනා ගනන අප්‍රමානය. ප්‍රොඩාබයගේ කෙරුවාව අවසන් වන්නේ උදයංග වීරතුංග ලංකාවට ගෙන ඒමට හැකි වුව හොත් ය. එහෙත් උදයංග වීරතුංග සගවාගෙන සිටිමට රාජපක්ෂලා කටයුතු කර ඇත. විදේශයන්වල රාජපක්ෂලා සහභාගි වන සැම දේශපාලන කටයුත්තකටම උදයංග වීරතුංග සහභාගි වේ.

මහින්ද ,ප්‍රෝඩාබය(ගොඨාභය),විමල්,වසු දේව, උදය ගම්මන්පිල,වැනි කටින් බතල සිටවන අසික්කිත දේශපාලනක් සිදු කරන හිගන්නන් කියන විනයගරුක සමාජය බිහි කරන්නට පෙර උදයංග වීරතුංග ලංකාවට ගෙන්වා ඔවුන් නිර්දෝෂී නම් එය ඔප්පු නොකරන්නේ ඇයි. අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා හිරේ දාන බව ප්‍රකාශ කරන මහින්ද රාජපක්ෂ උදයංග වීරතුංග ගැන කිසිවක් නොකින්නේ ඇයි..?අර්ජුන් මහෙන්ද්‍රන් ගැන කතා කරන්න කලින් මහින්ද රාජපක්ෂ කතා කල යුත්තේ උදයංග වීරතුංග ගැනයි.උදයංග වීරතුංග ලංකාවට ගෙන්නු දාට රාජපක්ෂලා යුද්ධය විකුනන් කාපු ආකාරය මනාව ලෝකයාටම දැසින් දැක ගත හැකි වනු ඇත.

විනය ගරුක සමාජය හදන්නේ සුදු වෑන් සංස්කෘතිය මගින්ද..? කොලොන්නාවේ දුමින්ද සිල්වා විසින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තවන විට දුමින්ද සමග සිටියේ පාතාලේ කවුරුන්ද..? එසේ නම් ජයවර්ධනපුර රෝහලටම සමුර්ණ හමුදා ආරක්ෂාවක් ලබා දී දුමින්දව ආරක්ෂා කලේ ගොඨභය රාජපක්ෂ විසින් නොවේද..? එසේ නම් මුන් දැන් කතා කරන විනයගරුක සමාජය කුමක්ද..? වසර දහයක් තුල සියල්ලන්ගේම කට වහලා රිසී සේ හමුදා රොහල පවා චීනයට සින්නක්කර ලියා දුන්නේ කවුද..අද ෂැංග්‍රීල්ලා හොටලයේ රාජපක්ෂලා විශේෂ වරප්‍රසාද පවා ලබා ගනිමින් සිටින්නේ ඔවුන්ගේ බලයක් නොමැතිවයි. එහෙව් උදවිය වංචා දූෂණ වලින් තොර විනය ගරුක සමාජයක් බිහි කරන්නේ කෙසේ ද..? මේය තෙරුම් ගැනීමට තරම් වත් මන්ද බුද්ධික වහල් ජනතාවට හැකියාවක් නැත.

රාජපක්ෂලා වෙනුවෙන් කඩේ යන වහල්ලු ගැන හොදින් සොයා බලන්න.අද රාජපක්ෂලා වෙනුවෙන් වියදම් කරන ව්‍යාපාරිකන් කවුද කියා සොයා බලන්න.මුන් සියල්ලන්ම රාජපක්ෂ පාලන සමයේ ජනතාවගේ බදු මුදල් ගසා කෑ රාජපක්ෂලා නිසා කෝටි ප්‍රකෝටි පතියන් වූ පිරිස් ය.ඔවුන්ට දැන් තිබෙන්නේ වසර පහක් තිස්සේ උන්ගේ සුපුරුදු ගසා කෑමට ඉඩක් නොලැබීමයි.උන්ට රිසි සේ නැවත ගසා කෑමක් සිදු කිරිමට නම් රාජපක්ෂ පාලනයක් නැවත බිහි කල යුතුය.උන් වෙර දරන්නේ එයට මිස රටේ ජනතාව ගැන සිතා නොවේ.

මෙයට කදිම උදාහරණය පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 වන්දා ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් අමාත්‍යංශ වලට කඩා වැදී හොර ඇමති වරු ලෙස නිත්‍යානුකූල නොවන ඇමති වරු වශයෙන් දින 51 ඇතුලත සිදු කල ගසා කැම් ය. රාජපක්ෂලා 2015 වේ ආණ්ඩුව දාලා යන්න සිදුවන විට එවක හිටපු තක්කඩියන්ට ලබා ගැනීමට තිබූ මුදල් සියල්ල(ප්‍රචාරක ආයතන,කොමිස් මුදල්) සියල්ල ලබා ගැනීමට මෙම තක්කඩි පසුගිය වසරේ ඔක්තෝම්බර් 26න් පසු දින 51තුලදි කටයුතු කර ඇත. මයික්‍රෆොන් ඉදිරියේ බෙරිහන් දෙන විමල් වීරවංශ රාජගිරියේ ගත් ලක්ෂ 700 යේ නිවස කදිම උදාහරණකී.(එම නිවස ලබා ගන්නේ ප්‍රසිද්ද ව්‍යාපාරිකයකුගේ නමින් බව වාර්තා වේ.එම නිවස ලබා ගෙන ඇත්තේද මෙම දින 51 තුල ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අලුගෝසු මලයා ප්‍රොඩාබය රාජපක්ෂ කියන විනය ගරුක සමාජය බිහි කරන්න යන්නේ එවක රාජපක්ෂ අමාත්‍ය මංඩලයේ සිටි තක්කඩි පිරිස මගම ය.

වසර 10ක් යුද්ධය අවසන් කල බව කියමින් එය ඉදිරියට තබාගෙන තම තමන්ට රිසි අයුරින් ජනතා බදු මුදල්,රටේ ඉඩම් පිට රටට විකිනීම,මාධ්‍යවේදීන් මරා දැමීම,රාජපක්ෂලාට කීකරු නොවන පාතාල නායකයන් මරා දමා හිතවත් මහා පරිමාන කුඩු ජාවාරම් කාරයන් ආරක්ෂා කිරිමට සහ උන්ගේ ව්‍යාපාරය රිසී සේ කරගෙන යාමට ඉඩ දුන් රාජපක්ෂලා අද විනය ගරුක සමාජයක් බිහි කිරිමට කටයුතු කරන බවට කරන ප්‍රකාශ ඇසේන විට, ඇත්ත දන්න අපට සිනා යන්නේ පුකෙන් ය.

සත්‍ය එය නොවේ මුන්ට අපසු ජනතාවගේ මුදල් ගසා කැමට ඇති වී තිබෙන තනහාවයි.රාජපක්ෂලා වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන වහල්ලුන් දගලන්නේද උන්ට හරි හම්බ කර ගැනීමටය.එය රාජපක්ෂලා නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයාගේ සිට බලා පොරොත්තු වන සත්‍යයයි.එවාට උදාහරණ මහරගම ප්‍රාදේශීය සබාවේම තිබේ. පසුගිය පළාත් පාලන අයතව වල පැවති ජන්දයෙන් ජයග්‍රහණය කල බයිසිකල් මන්ත්‍රිලාගේ ප්‍රශ්නය අධිකරණය කරා ගිය අවස්තාවේ එම නඩු කටයුතු සදහා එම අවස්තාවේ එක් පුද්ගලයකු වියදම් කර ඇති අතර,අනෙක් මන්ත්‍රීවරුන් ගේ මන්ත්‍රී දුර රැක ගැනීම වෙනුවෙන් එසේ මුදල් වියදම් කර ඇත්තේ නගරසබාවට පත්වන මන්ත්‍රී වරුන් විසින් සිදු කරන ව්‍යාපෘති වලින් ලැබන කොමිස් මුදල් වලින් ඉහත නඩුවට වියදම් වූ මුදල ලබා දෙන බවට පත්වූ මන්ත්‍රීවරුන් දුන් පොරොන්දුවක් මතය. මේ අප දන්නා ප්‍රදේශයක සිදු වීමකී.එසේනම් සමස්ත ලංකාවේම මෙවැනී කොමිස් ගසා කෑම් කොපමන මෙම දේශපාලුවන් සිදු කරනවා ඇති ද..?

ජනතාව මන්ද බුද්ධික වන තරටම උන්ගේ බැංකු ගිණුම් තරවීම සිදු වේ.ඒ වගේම එම දේශපාලුවන් වටා සිටින සීමිත පිරිසක්ද මෙසේ උන්ගෙ බැංකු ගිණුම් ද තර කර ගනු ඇත.මේ සියල්ලන්ගේම පව් රටේ ජනතාව පිට පැටවෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: