බන්ධනාගාර කොමසාරිස් වරයාට ලිපියක්…!

බන්ධනාගාර නිළධාරීන්ගේ ක්‍රියා කාලාපය ගැන බන්ධනාගාර කොමසාරිස් වරයා හට කුරුණෑගල යුක්තිය පතන ජනතව ලිපියක් යොමු කර ඇත.

යුක්තිය පතන කුරුණෑගල ජනතාව,
2019.08.11

බන්ධනාගාර කොමසාරිස්,
ජෙනරාල් තුමා,
බන්ධනාගාර දෙපාර්තමේන්තුව,
කොළඹ.

සියල්ලන්ම මවිතයට පත්කරමින් දුෂණයක් කිරීම සම්බන්ධවයි

මහත්මයානෙනි,

2019.08.09 දින කුරුණෑගල මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුවකට අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ මහතා 2019.09.17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. කුරුණෑගල අධිකරණයෙන් ලබාදුන් නියෝගයක් සදහා බන්ධනාගාර ගත කරනුයේ කෑගල්ල බන්ධනාගාරය තුළයි. නමුත් මෙම විත්තිකාර නගරාධිපතිවරයා කෑගල්ල බන්ධනාගාරය වෙත යොමුකරන ලෙස අධිකරණ නියෝගයක් ලබාදුන්නද මීගමුව බන්ධනාගාරයේ ස්ථානාධිපති යූ. සම්පායෝ මහතා දෙනෝදාහක් කුරුණෑගල රැදවිම් බන්ධනාගාරය අසල බලා සිටියදී ඔහු පැමිණ මෙම රැඳවිය මීගමුව බන්ධනාගාරය වෙත ගෙන යන ලදි.

අප අසන ප්‍රශ්න මෙයයි.

1. කුරුණෑගල අධිකරණයෙන් දුන් නියෝගයක් අධිකරණයට නොදන්වා වෙනස් කලේ කෙසේද?

2. යම් පුද්ගලයෙකුගෙන් හෝ කණ්ඩායමක් මගින් රැඳවියට යම් තර්ජනයක් තිබේනම් කලින් ඒ සදහා පොලිසියේ දැමු පැමිණිලි තිබේද ?

3. එසේ තර්ජනයක් තිබේනම් අධිකරණ නියෝගය දෙන අවස්ථාවේදීම නොදැන්වූයේ මන්ද ?

4. මෙලෙස තර්ජනයක් ඇති නම් කුරුණෑගල ළගම ඇති වාරියපොල බන්ධනාගාරයට යොමු නොකලේ මන්ද ?

5. සාමාන්‍ය ක්‍රමවේදය මුලින් කෑගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් එහි ලියාපදිංචි කර පසුව වෙනත් තැනකට යොමුකිරිම නොවේද ?

6. කෑගල්ල බන්ධනාගාරයේ ඇති තර්ජනය ලෙස ඔවුන් පෙන්වනවායි කියන්නේ සහරාන්ගේ ක්‍රියාවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් රැඳවියට කරදරයක් කරනු ඇති බවයි.

7. එසේ නම් මීගමුව බන්ධනාගාරයේ සහරාන්ගේ ක්‍රියාවට සැකපිට අත්අඩංගුවට ගත් අය නැතිද ?

8. මීගමුවට ගිය රැඳවියට මෙලෙස පළමු දිනයේ සුවිශේෂ පහසුකම් ලබාදී තිබෙන්නේ කෙසේද?

9. මීගමුවේ සිටින රැඳවිය ජංගම දුරකතනයකින් නගර සභාවේ වැඩ පාලනය කරන්නේ කෙසේද ?

10. මීගමුවේ බන්ධනාගාරයේ වාට්ටුවකට නොදා සැප ගන්නා ස්ථානයකට දැමුවේ කෙසේද ?

11. කෑගල්ල යනු සාමකාමී බන්ධනාගාරයක්ය. එහි තුළ රැදවියෙකුට ආරක්‍ෂාව ලබාදීමට ඔබ ආයතනය අපොහොසත්ද ?

12. මීගමුව බන්ධනාගාර ස්ථානාධිපති මීට පෙර මෙවැනි චෝදනා වලට භාජනය වූ පුද්ගලයෙකුද යන්න ඔබ හොදින් දන්නවා නොවේද ?

තව ප්‍රශ්න ඔබතුමාගේ හා ඔබ ආයතනයේ ඇසීමට තිබෙුනද මෙය ප්‍රමාණවත් බව සිතමු. ඉතා ඉක්මනින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා සිටිමු.

ස්තුතිය
මෙයට විශ්වාසී
යුක්තිය පතන කුරුණෑගල ජනතාව

පිටපත්
■ අතිගරු ජනාධිපති තුමා,
■ ජනාධිපති ලේකම් තුමා
■ අගමැති තුමා
■ ජවිපෙ නායක තුමා
■ කතානායක තුමා
■ නීතිය සහ බන්ධනාගාර ඇමතිතුමිය
■ නීතිය සහ බන්ධනාගාර කොමසාරිස් තුමිය
■ සභාපති තුමා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව
■ කැඳවුම්කරු රැඳවියන් සුරැකිමේ සංවිධානය
■ සභාපති තුමා – මානව හිමිකම් කොමිෂන් සභාව
■ බන්ධනාගාර ස්ථානාධිපති තුමා – මීගමුව
■ බන්ධනාගාර ස්ථානාධිපති තුමා – කෑගල්ල
■ ස්ථානාධිපති තුමා – බන්ධනාගාරය කුරුණෑගල
■ සියලුම මාධ්‍යය ආයතන

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: