පොහොට්ටු නගරාධිපති දුම්බර හිර ගෙදරට.. ජරාව කෑ බන්ධනාගාර නිලධාරීයාට පරික්ෂණ…!

කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයට මාරු කිරිමට ඊයේ (13)දිනයේ කටයුතු කර ඇති අතර,මීගමුව බන්ධනාගාර බාර ජරාව කෑ නිලධාරීයා වන උපේක්ෂ සම්පායෝ හට විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අධිකරණය හැල්ලු කරමින් කුරුණෑගල සිදුවුන සහ සිදුවන නීතිය ක්‍රියා කරවන්නන්ගේ ක්‍රියා කාලාපය ගැන මින් පෙර අප සදහන් කලේය.

පොහොට්ටු පක්ෂයේ නගරාධිපති තුෂාර විතාරණ විසින් සිදු කල අපරාදයක් කුරුණෑගල මහාධිකරණයේ විභාග වෙමින් පවති.ඒ අනුව පසුගිය ජුලි 25 නඩු වාරය හිතා මතා මගහැරීම හේතුවෙන් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විසින් පොහොට්ටු නගරාධිපති තුෂාර විතාරණ හට වරේන්තු නිකුත් කලත් දෙශපාලන බල පුලුවන්කාර කම් හේතුවෙන් දින 12ක් යන තුරුත් අත්අඩංගුවට ගැනීමක් කුරුණෑගල පොලිසිය විසින් සිදු කලේ නැත. එහෙත් මොසමක් මගින් දින 12ට පසු අධිකරණය හමුවේ පෙනි සිටි කුරුණෑගල පොහොට්ටු පක්ෂයේ නගරාධිපති තුෂාර විතාරණ රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට විනිසුරු මේනකා විජේසුන්දර කටයුතු කලේ ඔහුව කෑගල්ල බන්ධනාගාරයේ රදවන ලෙසට නියොග කරමින්‍ ය.

එහෙත් එම උසාවී නියොගය උල්ලංඝනය කරමින් දූෂිත රාජපක්ෂ පාලන සමයේ හිටපු අමාත්‍ය වරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ සහය ඇතිව ඔහුගේ හිතවත් මීගමුවේ බන්ධනාගාර අධිකාරි උපේක්ෂ සම්පායෝ විසින් රාත්‍රි 7.55 වන තෙක් කුරුණෑගල පොහොට්ටු නගරාධිපති තුෂාර විතාරණ කුරුණෑගල කුඩා බන්ධනාගාරයේ එදින රදවා තබාගෙන පසුව කෑගල්ලට රැගෙන නොයා මීගමුව බන්ධනාගාරය වෙත නීතිය උල්ලංඝනය කරමින් රැගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් අප කල හෙළිදරවත් සමගම සියල්ලන්ගේම අවධානය මෙම කුරුණෑගල නීතිය උල්ලංඝනය කිරිම ගැන යොමු වී ඇත.

ඒ අනුව ඊයේ දින කුරුණෑගල පොහොට්ටු නගරාධිපති තුෂාර විතාරණ මීගමුව බන්ධනාගාරයේ සිට නුවර පල්ලේකැලේ දුම්බර බන්ධනාගාර වෙත රැගෙන යාමට කටයුතු කර ඇති අතරම මීගමුව බන්ධනාගාර අධිකාරි වරයා සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ද ආරමභ කර ඇති බව badusure.lk අප වෙත වාර්තා වේ.

මෙලෙස හිතුමතේ නීතිවිරෝධීව ක්‍රියා කරන මීගමුව බන්ධනාගාර අධිකාරි උපේක්ෂ සම්පායෝ මින් පෙර රාජකාරි කොට ඇත්තේ කෑගල්ල බන්ධනාගාරය බරවයි. එහිදි හිතවත් කම උඩ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිර ගත වූ අවස්තාවේ විශේෂ සැලකිල්ලක් රැදුවුම් කරු ජොන්ස්ටන් ප්‍රනාන්දු හට සිදු කිරිම හේතුවෙන් මීගමුව බන්ධනාගාරය වෙත ස්ථාන මාරුවක් දඬුවමක් ලෙස ලබා දී තිබේ. එහෙත් කෑගල්ල බන්ධනාගාරය බාරව සිටියදී සිදු කල නීති විරොදී ක්‍රියාව පාඩමකට නොගෙන දිගින් දිගටම දේශපාලන වශයෙන් නීතිය නවන්න මෙම පාදඩ බන්ධනාගාර අධිකාරි උපේක්ෂ සම්පායෝ කටයුතු කිරිම නීතිගරුක සමජයක් බිහිකිරිමට මහත් බාදාවකි. මෙවැනී තක්කඩි පොහොට්ටු පක්ෂයේ හිතවාදී දුෂිත නිලධාරීන් සිටින තාක් කල් නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක කිරිමට හැකියාවක්ද නැත.

badusure.lk අප කල හෙළිදරව්ව පිළිබඳව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය ගේ අවධානය යොමු කිරිම සම්බන්ධයෙන් විශේෂ ස්තුතිය පුද කල යුතුය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: