පොහොට්ටුවේ සුළු පක්ෂ ගිවිසුම් ගත වීම.., ගත් තැනම ලොප් වන ලකුණු…

හෙට දින(ජුලි26) සිදුකිරිමට නියමිත පොහොට්ටුව හා කුඩා පක්ෂ ගිවිසුම්ගත වීමේ අවස්තාව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ 8ක් වර්ජනය කිරිමේ සුදානමක් ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

හෙට (26) ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමග මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය නොවන කුඩා පක්ෂ ගණනාවක් ද්ව්පාර්ශවීය ගිවිසුම් ගතවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසේදී සිදු කිරීමට නියමිතය.

එම අවස්තාවට සහභාගි වන ලෙස පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් ඒකාබද්ධ විපක්ෂය දැනට නියෝජනය කරන අනෙකුත් පක්ෂවල නායකයන්ටද ආරාධනා කර තිබේ.

අද(25) සවස රැස් වී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හෙට පැවැත්වෙන පොහොට්ටුව හා කුඩා පක්ෂ අතර ද්ව්පාර්ශවික ගිවිසුම් ගත වීමේ අවස්තාවට සහභාගිවීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබෙන බව අප වෙත වාර්තා වේ.

එසේ විරුද්ද වීමට හේතුව ලෙස දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂ නායකයන් පවසන්නේ, සියලු පක්ෂ ඒකරාශි කර පුළුල් සන්ධානයක් ගොඩ නැගීම මග හැර, පොදුජන පෙරමුණ තනි තනි පක්ෂ සමග වෙන වෙනම ගිවිසුම් ගතවීම තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ , ජාතික නිදහස් පෙරමුණ , ලංකා සමසමාජ පක්ෂය , පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ,ශ්‍රී ලංකා මහජන පක්ෂය ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුලු පක්ෂ ගණනාවක් මෙකී වර්ජනය සිදු කරනු ඇත. මීට අමතරව හිටපු අමාත්‍ය ඒ එල් එම් අතාවුල්ලා සහ ප්‍රභා ගණේෂන් මහතුන්ගේ පක්ෂ ද මෙම අවස්තාවට සහභාගි නොවී සිටීමට තීරණය කර තිබේන බවයි පොහොට්ටු අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

ඒ අනුව පොහොට්ටු පක්ෂයේ හෙට දින සිදුකිරිමට නියමිත ගිවසුම් ගත වීම කැඳ හැළියක් බවට පත්ව ඇති බවත් පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර ගැටලු තවත් උග්‍ර අතට හැරි ඇති බවත් පැහැදිලි වේ.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: